සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පීසීආර් පරීක්ෂණයක් කර ඇති බවත් ඔහු ‍මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි බවත් එසේ කිරීම සදාචාරාත්මක නැති බවත් කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද(7) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ. මේ අතර හරීන් ප්‍රනාන්දු මහතා පෞද්ගලිකව පීසීආර් පරීක්ෂණයක් කරන ආකාරය ඔහුගේ නිල ට්විටර් ගිණුමේ […]

කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.මේ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. එබැවින් මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 708 ක් දක්වා ඉහල යනවා. මෙරටින් වාර්තාවන […]

ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ මැදවත්ත ග්‍රාමයෙහි ඉකුත් 27 වෙනි දින පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවයේ නියුතු සේවිකාවන් පස් දෙනෙකු කෙරෝනා අසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. එම කර්මාන්ත ශාලාවෙහි සේවිකාවන් හත් දෙනෙකු එම අවමංග්‍ය උත්සවයට සහභාගි වී ඇති අතර පෙරේදා […]

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් 220 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද(06) උදෑසන තහවුරු වී ඇතැයි හමුදාපති ලූතිනන් ජනරාල් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව, ඇගලුම් කම්හල ආශ්‍රිතව හඳුනාගත් සමස්ත කොරෝනා පොකුර 321 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ(05) රාත්‍රිය වන විට එම අගය 101ක් බවට පත්ව තිබිණි. […]

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංහය පවසයි. මෙම ආසාදිතයින් අතරින් 78 දෙනෙක් අද වාර්තා විය. දිවුලපිටියෙන් හමුවූ කාන්තාව හා ඇගේ දියණිය අනෙක් ආසාදිතයින් දෙදෙනා වේ.‍ එම කාන්තාවගේ සැමියා හා පිරිමි දරුවන් දෙදෙනාට මෙම වයිරසය ආසාදනය වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ […]

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර යාපනයට පැමිණි සේවිකාවකට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.‍ඇය මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සිට නිවාඩු ලබා යාපනයේ, පුන්කුඩිතිව් ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ගොස් තිබේ . දිවුලපිටිය කොවිඩි 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැලදි අතැයි ඒ සමිබන්ධයෙන් සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේදි […]

මිනුවන්ගොඩ රෝහල කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝහලක් වශයෙන් වෙන්කර තිබේ.මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වීමත් සමග ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහ් මෙම රෝහල වෙන් කර තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද […]

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි තහවුරු වීමත් සමග මහ ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස් කිරීමට යුහුසුළු වන ආකාරයක් වෙළෙඳසල් ආශ්‍රිතව දක්නට ලැබේ. අප වාර්තාකරුවන් පැවසුවේ, සුපිරි වෙළෙඳ සල් සහ ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණු බවය. මේ අතර, බොහෝ වෙළෙඳ සල්වල සහල් හිඟයක් පවතින […]

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 69කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ P.C.R පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීම අද (05) උදෑසන ආරම්භ කර ඇත. ඒ අනුව, කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සේවකයින්ගේ පරීක්ෂණ කටයුතු අද දිනය (05) තුළ සිදුකරන බව මහජන […]

ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් රාජගිරිය සවරින් ගොඩනැගිල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ලබාගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය. මෙහි සුඛෝපභෝගී කාමර 60 ක් පමණ තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව විසින් මෙම ගොඩනැගිල්ල වසර දහයක කාලයක් කුලියට ලබාගෙන පසුගිය කාලයේ හෝටලයක්ද පවත්වාගෙන ගොස් ඇත. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස […]

Breaking News