බුකිය කැලඹූ රනිල් – මහින්ද රාත්‍රී භෝජන සංග්‍රයේ ඇත්ත සහ සියළු ජායාරූප මෙන්න

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර රාත්‍රී භෝජන සංග්‍රයක ජායාරූප කිපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වල අද දින බොහෝ දෙනෙකුගේ අවදානට යොමුව ඇත.

මෙම රාත්‍රී භෝජන සංග්‍රහ සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආදරණීය භාර්‍යාව ශ්‍රිරන්ති වික්‍රමසිංහ සහ එතුමියගේ සොහොයුරු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධානී නිශාන්ත වික්‍රමසිංහ මහතාද එක් ව සිටියහ.

රනිල් වික්‍රමසිංහ මහතාට තම අසල්වැසියාගේ උපන්දින රාත්‍රී භෝජන සංග්‍රහයට ජූලි 8 වන දින ආරාධනා කර තිබේ. ඔහුගේ අසල්වැසියා වන මෙල්වින් ගුණතිලක මහතා හිටපු අගමැතිවරයාගේ පැරණි මිතුරෙකු වන්නේ ඔහු කුඩා කල සිටම තම අසල්වැසියා වූ නිසයි.

මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ පවුලේ උදවියටත් ආරාධනා කර තිබේ.

මේ රාත්‍රී භෝජන සංග්‍රහයේ ජායාරූප ගැන බොහොදෙනෙක් නොයෙක් මත පල කර තිබූ අතර මේ ඒ ගැන සමාජ මාධ්‍ය වල පලකල එක සටහනක් සහ ජායාරූප පහතින් නරඹන්න

රනිල් සහ මහින්ද රාත්‍රි භෝජන සංග්‍රහයකදී,මේ චායාරූප සදහා සමාජ මාධ්‍යතුල විවිධ අර්ථකතන දක්නට ලැබුණා.. මේ රටේ ඉහල පෙලේ සිටින සෑම දෙශපාලන නායකයකුම මේ ආකාරයෙන් හැසිරිම සමාන්‍ය සිදුවිමකි..

නමුත් ඒවායේ චායාරූප එළියට එන්නේ නැත. අනාගතය තුළ දියුණු දෙශපාලන සංස්කෘතියක් ඇතිවිමට නම් පිල් බෙදී කරන වෛ_රි දෙශපාලනය නතර විය යුතුය.

ප්‍රතිපත්ති මත ගැටුම් තුලින් අනාගතයට යහපත් දෙශපාලනප්‍රවාහයක් නිර්මාණය විය යුතුය, මහින්ද , රනිල් වගේම සජිත්, ගොඨාභය , අනුර , පාඨලි , බැසිල් , මෛත්‍රී මේ ඔක්කොම එක මේසයක වාඩි වී රට වෙනුවෙන් ස්ථාවර රාජ්‍ය ප්‍රතිපත්තියක් සැකසිය යුතුය, එහිදී තේ බිව්වත් , කොපි බිව්වත් , බත් කෑවත් අපට කම් නැත ,නැතහොත් කිසිදිනක කවුරු කුමක් කොහොම කීවත් මේ රටට ගොඩඑමක් නැත.

මෙය සමාජ මාධ්‍යයේ පලකර රනිල්ට මහින්දට බැන ඔබ සිතනවා නම් ඔබේ නායකයා පාරිශුද්ධ යැයි කියා ඔබ තව දෙශපාලනය පිළිබද බොහෝ දේ උගතයුතුව ඇත.

අවසන රනිල්-මහින්ද පෞද්ගලිකව කුමක් කලත් මට අදාල නැත..මට අදාල වන්නේ රට වෙනුවෙන් ඔවුන් අරගන්නා ප්‍රතිපත්ති, තින්දු තිරණ පමණි.

උපුටාගැනීමකි..


















Next Post

අග්‍රමාත්‍යවරයාගේ ලේකම් ලෙස පත් වූ කෞශල්‍යා

Fri Jul 9 , 2021
කෞශල්‍යා මාධවි වික්‍රමසිංහ මේ නම ඔබට හුරු නැති වුනත් ඔබට ඇයගේ රුවනම් හොඳින් හඳුනනවා ඇති. ඒ ඇය ලංකාවේ ජනප්‍රිය වෙළඳ දැන්වීම් නිරූපිකාවක වූ නිසා. සිරස ‘සුබාසිරි’ වැඩසටහනේ නිවේදිකාවක් විදියටත් කාලයක් ඇය නිවේදන කටයුතුවල නියැලී සිටියා.වෙළඳ දැන්වීම් ගණනාවකටම මව වූ කෞශල්‍යා මාධවි දැන්නම් පේන්න නෑ.ඒත් අද දින ඇය පිලිබදව සමාජ මාධ්‍ය […]

Breaking News