රටම හිනස්සවන ජනා සුරූපී බිරිඳ එක්ක දරු පවුලේ ගෙවන ආදරණිය ජිවිතේ – ජායාරූප

ජනයි ප්‍රියයි කියන්නෙ, ජීවිතේ ප්‍රශ්න කරදරවලින් හෙම්බත් වුණු මිනිස්සුන්ගේ මූණට හිනා රැල්ලක් ගෙනවිත්, පුදුමාකාර සතුටක් ලබන ගජ මිතුරන් දෙදෙනෙකි. ජනා (රංග ජයකොඩි) සහ ප්‍රියා (චමල් රත්නායක) පිළිබඳ අපි කවුරුත් කතා කරන්නේ ප්‍රේක්ෂක ජනතාවගේ මුවගට සිනහව ගෙනෙන නිසයි.චමල්ගෙයි රංගගෙයි යාළුකමට දැන් අවුරුදු 8ක් වෙනවා.ජනයි ප්‍රියයිගේ යාළුකමට දැන් අවුරුදු 5ක් වයසයි.කාලයක් පුරාවට ස්වාධින රුපවාහිනියේ සේවය කල ඔහු ප්‍රියා සමගින්ම යු ටියුබ් නාලිකාවක් පටන් ගෙන ඔවුන්ගේම අදහස් වලින් විවිධ නිරමාණ බිහිකරලා මුළු රටේම ආදරයට පාත්‍ර වුනා කිවුවොත් නිවැරදියි.

තව කෙනෙකු සිනහගස්සන්න හැමකෙනෙකුටම බැහැ. ඒකට සුවිශේෂී හැකියාවක් තියෙන්නම ඕන. ඉතින් ජනා සතුව ඒ හැකියාව උපරිමයෙන්ම තියෙනවා. ජනා විවාහකයෙක්. ඔහුට සුරූපී බිරිඳක් වගේම ආදරණිය පුතුන් දෙදෙනෙකුත් ඉන්නවා. ඉතින් මෙයාලා එක්ක ඉතාමත් සතුටින් තමයි ජනා කාලය ගත කරන්නේ.විශේෂයෙන්ම ජනයි ප්‍රියයි හරහා ඔවුන් සමාජ සත්කාර රැසක්ද සිදුකරා.

පොඩි තැනකින් පටන් ගෙන උත්සාහය සහ කැපවීම නිසාම ජිවිතේ ගොඩ දාගත්ත කොල්ලෙක් තමයි ජනා කියන්නේ. ජනා සහ ප්‍රියා කියන සුසංයෝගය බිහිවෙන්නේ එකමුතු කමේ ප්‍රතිපලයක් ලෙසින්මයි. ඉතින් අපි ඔයගොල්ලෝ වෙනුවෙන්ම යොමු කල ප්‍රශ්න කීපයකට පිළිතුරු සමගින් ජායාරුප පහතින් නරඹන්න

කාලයක් මම ටෙලිනාට්‍ය සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කළා. ඒ කාලෙදි තමයි මධුෂාන් හත්ලහවත්ත කියන රංගන ශිල්පියා මගේ හොඳම හිතවතෙක් වුණේ. ඔහුගේ මාර්ගයෙන් තමයි මම රංග (ජනා) හඳුනගත්තේ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත් වුණාට පස්සෙ මම වැඩ කළේ වෙළඳ ප්‍රචාරණ ආයතනයක. රංගත් එතන ම වැඩ කළා. එතනදි ඇති වුණු ඇඳුරුම්කමත් එක්ක අපි අතර ලොකු මිත්‍රත්වයක් ඇති වුණා.

*කොහොමද මේ නම් දෙක වැටුණෙ?

මට රංග මුණගැහෙන්න කලින් මම ලියලා තිබුණා, “ජනප්‍රියයි ජනකාන්තයි” කියලා රූපවාහිනී වැඩසටහනක්. ඒක මම රැකියාවක් නැතුව ඉන්න කාලෙක රූපවාහිනී නාලිකාවකට ලියපු වැඩසටහනක්. පස්සෙ වෙළඳ ප්‍රචාරණ ආයතනයේ වැඩ කරන්න පටන් ගත්තට පස්සේ අපි තැන් තැන්වල යාළුවෝ එක්ක එකතු වුණාම විහිළු කරනවා. විහිළු කතා කියනවා. යාළුවන්ගෙන් යෝජනාවක් ආවා වීඩියෝ එකක් කළා නම් හොඳයි කියලා. ඒ අය කිව්වේ අපි විතරනේ මේවා අහන්නෙ දකින්නෙ, හැමෝටම බලන්න වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කියලයි. පස්සෙ “ජනප්‍රියයි ජනකාන්තයි” අපි වැඩ කරපු ආයතනයේ අනුග්‍රහයෙන් රූගත කළා. නිෂ්පාදනයට සම්පූර්ණ වියදම් දැරුවේ අපි වැඩ කරපු වෙළඳ ප්‍රචාරණ ආයතනය. ඒ ආයතනය අපිත් එක්ක ගිවිසුමක් ගැහුවා අවුරුදු පහක් යනතුරු “ජනප්‍රියයි ජනකාන්තයි” කියන නම සහ සංකල්පය ඔවුන්ට අයිතියි කියලා. තාම ඒ ගිවිසුම අවසන් නෑ. නමුත් ඔවුන් ඒ වැඩසටහන කිසිම රූපවාහිනී නාලිකාවකට දුන්නෙ නෑ.

ඒ ආයතනයෙන් ඉවත් වෙලා තමයි අපි දෙන්නා Gliter Solution නමින් වෙළඳ ප්‍රචාරණ ආයතනයක් පටන් ගත්තෙ. එතනදි මගේ ලැප් එකේ තිබුණ “ජනප්‍රියයි ජනකාන්තයි” වීඩියෝ දර්ශන දැකලා යාළුවෝ කිව්වා යූ ටියුබ් දාමු කියලා. නමුත් අපිට අයිතියක් තිබුණෙ නෑ ඒ නමවත් පාවිච්චි කරන්න. ඒ නිසා “ජනප්‍රියයි ජනකාන්තයි” වෙනුවට “ජනයි ප්‍රියයි” කියලා අපි වීඩීයෝ කිහිපයක් කළා. ඒක සමාජ මාධ්‍ය හරහා විකාශය වෙන වැඩක් විදිහට දිගට ම කරගෙන ගියා.

රංගගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
රංග කියන්නෙ මට ඉන්න හොඳ ම යාළුවා. මගේ ජීවිතේ හැමදේම දන්න යාළුවා. “ජනයි ප්‍රියයි” ගොඩක් ම ජනප්‍රිය වෙන්න හේතුව තමයි රංගගේ රංගනය. මට වඩා හොඳට ඔහුට රඟපාන්න පුළුවන්. ජනයි ප්‍රියයි පටන් ගන්න රංගයි චමලුයි එකතු වුණේ නෑ. රංගයි චමලුයි එකතු වෙලා තමයි ජනයි ප්‍රියයි පටන්ගත්තේ. ජනයි ප්‍රියයි කියන සංකල්පය ඇතුළෙ විතරක් නෙවෙයි, මගේ ජීවිතෙන් හරියට ම බාගයක් තමයි රංග කියලා කියන්නෙ.

”ජනයි ප්‍රියයි”ගෙන් එහාට ගියාම ඔබේ පෞද්ගලික ජීවිතේ ගැනත් යමක් කියමුද?
මම මාතර අකුරැස්සෙ. අම්මයි තාත්තයි හැම වෙලේ ම මාත් එක්ක ම ඉන්නවා. ඒ වගේ මට අයියා කෙනෙක් ඉන්නවා. මම අපේ ම වෙළඳ ප්‍රචාරණ ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කරගෙන යන ගමන් තමයි මේ හැමදේ ම කරන්නෙ.

රංග උදේට නැගිටින්නේ කීයටද?
කොයි තරම් නිදි මරලා ආවත් අනිවාර්යෙන් මම උදේ 7 වෙද්දි නැගිටිනවා.

ඉතින් ඊට පස්සේ?
ඊට පස්සේ wash එකක් දාගෙන හොඳ වතුර වීදුරුවක් බොන්න අමතක කරන්නෙ නැහැ ඉතින් ඉට පස්සෙ නම් අනිවාර්යෙන් කරන්න ඔන දෙයක් තියෙනවා .එ තමයි පොඩි දෙන්නව ඉස්කෝලෙ එක්කන් යන එක.

දරුවො දෙන්නව ඉස්කෝලෙට දාලා ගෙදර ආවාම රංග මොනවද කරන්නෙ?
ගෙදර ආවට පස්සේ අපේ youtube channel එකට log වෙලා ඇවිත් තියෙන comments වලට reply කරලා facebook log updates බලලා comments වලට reply කරනවා.එකනෙ ඉතින් අපේ ජිවිතේ. ඉතින් එවා උදෙන්ම කරනවා

රංග උදේට කෑම ගන්නේ ගෙදරින්ද?
මම ගෙදර ඉන්න වෙලාවට ගෙදරින් කෑම ගන්නවා. හැබැයි ඉතින් ප්‍රියාට call කරලා ප්‍රියාව මුණගැහෙන්න ගියොත් ප්‍රියා එක්ක කෑම ගන්නවා.

රංගගේ දවල් කාලය නම් ගතවෙන්නේ office එකේමයි නේද?
ඔව්, ගොඩක් වෙලාවට දවල් කාලය office එකේම තමයි. video එකක් shoot කරන්න තිබුණොත් දවල් කාලය ඒ වැඩවලට යොමු වෙනවා. එහෙම වුණොත් ඒ වගේ වෙලාවට යාළුවොත් එක්ක තමයි කාලය ගත වෙන්නේ.

දරුවොත් එක්ක wife එක්ක ගත කරන්න කාලයක් තියෙනවද රංගගේ තිබෙන කාර්යබහුලත්වයත් එක්ක?
ඇත්තටම ගොඩක් වෙලාවට හවස් වරුව එයාලත් එක්ක මම ඉන්නවා. උපරිම උත්සාහ කරන්නේ වෙලාවක් ලැබෙන හැම මොහොතකම මගේ wife සහ දරුවො එක්ක කාලය ගත කරන්න තමයි. ජිවිතෙට මගහැරෙන්න දෙන්න බැහැනෙ වැඩ නිසා.

ජනයි ප්‍රියයි concepts ගැන කතා කරන්න යොදා ගන්නෙත් හවස් වරුව නේද?
ඔව්, සිකුරාදා දවසට තමයි අපි ගොඩක්ම set වෙන්නේ ඒ වෙනුවෙන්. හවස් වරුවෙ ඒ වැඩ ගැන කතා කර ගන්න ප්‍රියාට call කරලා ප්‍රියාගේ ගෙදරට යනවා. ඒ වගේ වෙලාවට ප්‍රියාගේ ගෙදරින් තමයි Dinner ගන්නෙත්.

චමල්ට රසට උයන්න පුළුවන් කියලා කියනවා. ඇත්තද? චමල් උයන ඒවා කන්න පුළුවන්ද?
චමල්ට රසට උයන්න පුළුවන්. චමල්ගේ ගෙදර ගිය වෙලාවට චමල් උයන කෑම තමයි ඉතින් කන්නේ. හරිම රසයි.

රංග රෑට නිදාගන්නේ කීයටද?
ගෙදර ඉන්න වෙලාවට නම් රෑ 11 වගේ වෙනවා නිදාගන්නකොට. shoot එකකට ගියාම හරි ජනයි ප්‍රියයි concepts හදන්න චමල්ව මුණගැහෙන්න ගියොත් ගෙදර එද්දි රෑ වෙනවා. එහෙම දවසට නිදාගන්න පරක්කු වෙනවා.එහෙම තමයි ඉතින් අපෙ ජිවිතේ ගෙවෙන්නෙ

Next Post

ධනුෂ්කව පළවෙනි ටුවර් එක යවන්න රුපියල් 30,000 හොයාගත්තේ ගේ උකස් කරලා – දනුශ්ක ගුණතිලකගේ පියා

Sat Jul 3 , 2021
ධනුෂ්ක පුංචි කාලේ ඉඳලම මැච් බලන්න පුරුදුවෙලා හිටියා.ඒ නිසාමද කොහෙද පොඩි කාලේ ඉඳලම එයාගෙ ලෝකෙ උනෙත් ක්‍රිකට්ම තමයි. අවුරුදු හතර පහේ ඉදලම වැඩිපුරම සෙල්ලම් කලේ ක්‍රිකට්.මමත් එක්ක මිදුලේ සෙල්ලම් කරපු එයා ඉස්කෝලේ ගිහිනුත් කළේ ක්‍රිකට් ගහපු එක තමයි.මුලින්ම එයා ඉස්කෝලේ ගියේ වාද්දුවේ. වාද්දුවේ ඉස්කෝලේ ලෙදර් ball cricket තිබුණේ නැහැ.ඒ නිසා […]

Breaking News