ඒ ජාන නිසා තමයි මන් මෙච්චර ලස්සන වුනේ – ජනප්‍රිය නිලි දුෂේනි සිල්වා – ජායාරූප

‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ කිරුළ හිමි ඇය පුංචි තිරයේද දඟකාර චරිතයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති..අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන්න අහිංසක නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුෂේනි මියුරංගි කියලා කියන්නේ. ඉතින් රංගන ක්ෂේත්‍රයේ කාලයක් පේන්න හිටපු නැති දුෂේනි මියුරංගි ඔන්න දැන් අලුත් ටෙලි නිර්මාණයකින් මේ දවස්වල පේන්න ඉන්නවා.

අවුරුදු කිහිපයක නිහැඬියාවකින් පසු අලුත් ආරම්භයක් තබපු දුෂේනි, ඇගේ නිහැඬියාව හා අලුත් තොරතුරු ගැන කතා බහ කලේ මෙන්න මේ විදිහටයි. මේ දවස් වල ජීවිත්තේ ඇත්තටම සුන්දරයි. මේ කාලය ගොඩාක් සතුටින් ගත කරන කාලයක්. ඉතින් සතුට හදාගන්න ඕනෑ තමුන්මයි. මට නම් මම තමයි සතුට. මම කරන දෙයින් සතුටු වෙනවා. මගේ සතුටට හේතුව ඒකයි.

වසර දෙකකට පසුව ටෙලි නාට්‍යයක රූගත කිරීම් කරලා දැන් ඒක විකාශය වෙනවා. ඒකේ නම පාර දිගේ. ඒ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළයි. ඉතිං ඒක නිසා මේ දිනවල ඒ නාට්‍ය එක්ක කාර්ය බහුල වෙලා ඉන්නෙ. මම අවුරුදු දෙකක් ලංකාවේ හිටියෙ නැහැ. ඒක නිසා තමයි රගපෑවේ නැත්තේ.

ලංකාවට ඇවිත් ඉන්නේ මේ වසංගත තත්වය නිසයි. ඒ නිසයි වැඩ කරන්න හිතුවේ. මම හිටියේ ඉන්දියාවේ මුම්බායිවල. ඉතින් ඒ ජීවිතෙත් ඉතාම් සුන්දරයි. මම යන්නේ කොතැන ද ජීවිතේ ලස්සන කර ගන්නවා. ඉන්දියාව කොහොමත් මට විශේෂයි.

මොකද මම පුංචි කාලයේ ඉඳලාම ඉන්දියාවට ආදරෙයි. ඒ නිසා එහේ ගියාම මගේ ජීවිතේ පැත්තක් සම්පූර්ණ වුණා වගේ දැනුණා. එහේ ජීවිතේ ඉතාමත් ලස්සනයි. මම රංගනයට ආවේ නිල්වලා නිෂ්පාදනයක් වන “ආදරය ගින්දරක්” ටෙලි නාට්‍යයෙන්.

ඊට පස්සේ ටෙලි නාට්‍යය තුනක විතර රඟපෑවා. වැඩියෙන්ම ප්‍රතිචාර මේ වන විට ලැබෙන “පාර දිගේ” නාට්‍යයට. හැබැයි ඊට පෙර මුල්ම ටෙලි නාට්‍යයේ චරිතයට ලැබුණු ප්‍රතිචාර ඉහළයි. ලලිත් වසන්ත මහතා සහ උපුල් ජයසිංහ මහතාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. එයාලා නැත්නම් මම අද මෙතැන නැහැ.දැන් නම් මම වැඩියෙන්ම ආදරේ මට.

01#

02#

03#

04#

05#

ඊළගට අම්මා තාත්තාට. ඕනෑම කෙනෙක් තමන්ට මුලින්ම ආදරය කරන්න පුරුදු වෙන්න ඕනෑ. ඊට පස්සෙ තමයි අනික් අයට ආදරය කරන්න ඕනෑ. එතකොට ආදරය සුන්දරයි. මම දකින විදියට ආදරය කියන්නේ තමන්ට ලැබුණත් නොලැබුණත් ඒ පුද්ගලයා දිහා ඈතින් බලලා එයාගෙ සතුටු වෙනුවෙන් සතුට වෙන්න පුළුවන් නම් ඒක තමයි ආදරය.

06#

07#

08#

09#

10#

ඒක ලබන්න ඕනෑය අයිති කරගන්න ඕනෑය කියලා නීතියක් නැහැ. මම බොහෝ විට කතා බහ කරලා තමයි මගේ ආදරෙන් වෙන් වුණේ. ඒත් විරහව ටිකක් දරා ගන්න අපහසුයි. ඒත් මම ඉන් පසුව සමාජයෙන් ටිකක් ඈත් වෙලා මාව සොයන්න පටන් ගත්තා.

භාවනා ආදිය කළා. එවිට සියල්ල වටහා ගත්තා. ඒකටත් කාලයක් යනවා. ආදරය හැටි එහෙමයි. සමාජයෙන් ඈත්වෙලා හිටපු නිසා තමාට තමාව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. කොහොමටත් මම ගොඩාක් සමාජශීලි කෙනෙක් නෙවෙයි.

11#

12#

13#

14#

15#

අපේ අම්මගෙ තාත්තගෙ ජාන නිසා තමයි මම ලස්සන වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපි අපිව හොඳින් බලා ගන්න ඕනෑ. ඒවගේම මනස සතුටින් තියා ගන්න වගේම ධනාත්මක වෙන්න ඕනෑ. මම වසරක වගේ කාලයක් ඉඳලා ඍණාත්මකව හිතන්නෙම නැහැ.දුෂේනි ආදරයෙදි සීයට සීයක්ම හැඟුම්බර කෙනෙක්ලුනෙ. ඒ කියන්නෙ පුංචි දේටත් ඇස් රතු කරගන්න බොළඳ කෙනෙක්ලු. ඒ නිසා දුෂේනිට ආදරයෙදි දැඩි තීරණවලට යන්න බැහැලු.

16#

17#

18#

19#

20#

ගැටුම් ඇති කරගන්නෙ නැතිව කෑකෝ ගහන්නෙ නැතිව පාඩුවෙ පැත්ත්තකට වෙලා ඉවසීමෙ බලාගෙන ඉන්න එක තමයි දුෂේනි කරන්නෙ. ආදරය කරද්දි තෑගිබෝගවලට කවුරුත් ආසයිනෙ. ඒත් දුෂේනිට ඕනෙ එයාගේ පෙම්වතා එයා වෙනුවෙන් කාලය ගතකරනවට. ධනාත්මක චින්තනය කියන දේ රූපයට බලපානවා කියලයි ඇය පවසලා තිබුනේ.

21#

22#

23#

24#

25#

අවසාන වශයෙන් ඇ කලාව කලාව තෝරා ගැනීම පිලිබදව දැක් වුයේ මෙවන් අදහසක් පොඩි කාලේ ඉඳන්ම හිතලා කලාව තෝරා ගෙන ආපු එකක් නෙවෙයි. මට ඇත්තටම ඒක වුණේ අහම්බෙන්. අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වෙලා එකින් එක අවස්ථාවන් ලැබිලා ආව ගමනක් තමයි මේ තියෙන්නේ.

මම ගණකාධිවරියක් වෙන්න තමයි හිතන් හිටියේ. ඒ දේවල් ටිකක් නතර වුණා මේ කලාවට ආපු නිසා. මොකද කලාවට ආපුවම හැමෝගේම ආදරය, රසිකයන්ගේ පිළිගැනීම වගේ දේවල් ලැබෙන කොට කලාව හොඳයි කියලා හිතුනා. කලාව තෝර ගත්ත එක දෛවයයෙන් සිද්ධ වුණ දෙයක්. ඉතිං මං ඒකට කැමතියි.

26#

27#

28#

29#

30#

31#

32#

Next Post

අදහාගත නොහැකි කරුණු රැසක් හෙළි වූ මිහින්තලේ උ. සභාපතිගේ කැරැට්ටුව

Thu Jul 1 , 2021
ඉන්ටර්නෙට් හරහා 15 හැවිරිදි දැරියක අප_යෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අ_ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනා ලබන ජූලි 15 වන දින දක්වා රක්ෂිත බන්ධ_නාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලේචනී අබේවික්‍රම මහත්මිය අද (ජූලි 1) නියෝග කළාය.  එදිනට පැවැත්වෙන පෙරෙට්ටුව සඳහා සැක_කරුවන් මුහුණු ආවරණය […]

Breaking News