බැසිල් පාර්ලිමේන්තුවට – මුදල් ඇමතිකමත් ලැබෙයි – ගම්මන්පිල වැඩි කරපු ඩීසල් – පෙට්‍රල් අඩුවෙන මිල ගණන් මෙන්න

ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙසය.

බැසිල් රාජපක්ෂ මහතාට මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව සැලසීම සඳහා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිතව පවතී.

මාසයකට අධික කාලයක් ඇමෙරිකාවේ ගත කළ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. වැඩි කරනු ලැබූ පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව අඩු කරනු ඇතැයි අපේක්ෂිතය.

බැසිල් රාජපක්ෂ මහතා 2010- 2015 රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ද හෙබවීය.

උපුටාගැනීම – ලංකාදීප පුවත්පතින්

Next Post

මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රථම වරට මාධ්‍යට කියයි

Fri Jun 25 , 2021
ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම කලාකරුවෙකුවන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් මෙරට ප්‍රකට නිළියක් හට ලිං_ගික දර්ශන සම්බන්ධයෙන් යෝජනා කළ සහය අධ්‍යක්ෂවරයෙකු පිළිබඳ පුවතක් අප පෙරේදා (25) වාර්තා කළා. එම පුවත පිළිබඳව මේවන විට  යම් ආන්දෝලනාත්මක පසුබිමක් නිර්මාණය වී තිබෙන අතර අප මේ පිළීබඳව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගෙන් විමසීමක් […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News