ජනපති සමාව ලැබූ දුමින්ද නිදහස් වී ගිය හැටි

ජනාධිපති විශේෂ සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ට නිදහස ලබාදී තිබේ. බන්ධ_නාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඒ බව තහවුරු කළේය.

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් බන්ධ_නාගාරගත කරසිටි වැර_දිකරුවන් 93 දෙනෙක්ව ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබුණි.චන්දන ඒකනායක මහතා පැවසුවේ දුමින්ද සිල්වා මහතාද ඒ අතර වන බවය.

දුමින්ද සිල්වා මහතාට ලබාදුන් ම_රණ ද_ඬුවම දේශපාලන ප_ළි ගැනීමක් බවට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ලෙස කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වී තිබුණි.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙ_ඩි තබා ඝා_ත_නය කිරීම සම්බන්ධයෙන් චෝ_දනා ලැබූ 13 දෙනෙකුගෙන් දුමින්ද සිල්වා ඇතුළු 5දෙනෙකුට ඉකුත් 2016 වසරේ සැප්තැම්බර් 8 වැනිදා කොළඹ මහාධිකරණය විසින් ම_රණ දඬු_වම නියම කෙළේය.

මෙලෙස ම_රණ දඬුවම නියම වූයේ දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමට‍ගොඩ චමින්ද, සරත් බණ්ඩාර හා ප්‍රියන්ත ජානක බණ්ඩාර යන පස්දෙනාටය.මෙම නඩු තීන්දුව 2/1ක් ලෙස බෙදුණු නඩු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්වූ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකුගේ තීන්දුව වූයේ මෙම වැරදිකරුවන්ට ම_රණ දඬු_වම ලබාදීමය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ශිරාන් ගුණරත්න මහතාට අනූව රජයේ සාක්ෂි පරස්පරතාවයන් පවත්නා හේතුවෙන් මෙම‍ සියලුදෙනාම නිදොස් කොට නිදහස් බව ප්‍රකාශයට පත් කර තිබුණි.එසේ වුවද සෙසු විනිසුරුවරුන් දෙදෙනාට අනූව සාධාරණ සැකයකින් තොරව වරද තහවුරුව ඇති බැවින් ඉහත පස්දෙනාටම ම_රණ දඬු_වම ප්‍රකාශයට පත් කළ අතර සෙසු පිරිස නිදහස් කිරීමට නියෝග කෙරුණි.

පසුව එම තීන්දුවට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, නලින් පෙරේරා, ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම අභියාචනය විභාග කර 2018 වසරේ ඔක්තෝබර් 11 වනදා පස්වරු 2.30 සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

එහිදී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ ම_රණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ද නියෝග කළේය.

ම_රණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් මහතාට පැනවූ ම_රණ දඬු_වම පමණක් ඉවත් කර ඔහු මුදා හැරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.පළාත් පාලන මැතිවරණය පැවති 2011 ඔක්තෝබර් මස 8 වනදා මුල්ලේරියාව, වල්පොළදී සිදු වූ වෙ_ඩි හුවමාරුවකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙක් මි_යගියහ.

සිද්ධිය වූ ස්ථානයේ තිබුණු ගි_නිඅ_වි පසුව පොලිස් භාරයට ගැනුණු අතර සිද්ධියේදී තුවාල ලැබූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහල් ගත කෙරුණි.පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඇතුළු 13 දෙනෙකුට එරෙහිව චෝ_දනා ගොනු කෙරිණි.

මර_ණිය ද_ණ්ඩනයට නියමව සිටින මහර බන්ධ_නාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. ම_රණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමත් සමග ඔවුන් මෙම ආහාර වර්ජනය ආරම්භ කර තිබේ.දුමින්ද සිල්වා නිදහස් කළ ලෙස ඔවුන්ව ද නිදහස් කරන ලෙස හෝ නැතිනම් ම_රණ ද_ණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස මෙම රැඳවියන් ඉල්ලා සිටින බව වාර්තා වෙයි.

01#

02#

03#

04#

05#

06#

07#

08#

09#

10#

11#

Next Post

බැසිල් පාර්ලිමේන්තුවට - මුදල් ඇමතිකමත් ලැබෙයි - ගම්මන්පිල වැඩි කරපු ඩීසල් - පෙට්‍රල් අඩුවෙන මිල ගණන් මෙන්න

Fri Jun 25 , 2021
ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් […]

Breaking News