ඇමතිකමෙන් අයින් වෙන්න කියූ පොහොට්ටුවේ ලියුමට ගම්මන්පිල උත්තර දෙයි – මාධ්‍ය හමුවක් හදිසියේ කැදවයි

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයා ඍජුව වගකිවයුතු බවත් ජනතාව පීඩාවට පත්කිරීමේ වගකීම භාරගෙන ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

කොවිඩ් අර්බුදය හේතුවෙන් ජන ජීවිතය අඩාල වී ජනතාව අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහළට දමා මෙම අසීරු අවස්ථාවේ දී පීඩාවට පත්වී ඇති ජනතාව තවත් අසීරුවට පත්වන ආකාරයේ තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයකට රජය පත්කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ දැඩි අවධානය යොමුව ඇති බවයි.

තවද ජනතාවාදී රජයක් ලෙස මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව තේරුම් ගෙන නිසි අවස්ථාවන්හිදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අදාල විශයභාර ඇමතිවරයා කටයුතු නොකිරීම මත රජය මෙවැනි අසීරු තත්ත්වයකට පත්වීමට සිදුව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. මෙය අසීරු අවස්ථාවදී පක්ෂය සහ එහි නායකයින් උවමනාවෙන් අප්‍රසාදයට පත්කිරීමට ගත් උත්සාහයක් දැයි තමන් සැක කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියි.

තනියම තෙල් මිල ගනන් වැඩි කිරීමට තරම් තමන්ට පි_ස්සුවක් නැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කරනවා.තෙල් මිල ගනන් ඉහළ දැමීම නිසි ක්‍රමවේදයට අනුව ඇමැති අනුකමිටුවේද අනුමැතිය ඇතිව සිදු කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මිල වැඩි කිරීමේ තීරණය මෙන්ම එම තීරණය ක්‍රියාත්මක කලයුතු දිනය තමන්ට ලබා දුන්නේ මුදල් අමාත්‍යංශයෙන් බවද අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.තෙල් මිල ගණන් ඉහළ දැමීමේ තීරණය මහා භාණ්ඩාගාරය විසින් අනුමත කොට තිබෙන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා එහි විෂය භාර අමාත්‍යවරයා වන්නේ මුදල් අමාත්‍යවරයා බවද පෙන්වා දෙනවා.

මේ සියලු දේවල් පිළිබඳ තොරතුරු හෙට (13) මාධ්‍ය හමුවක් තබමින් රටට හෙළිදරව් කිරීමට තමන් තීරණය කොට ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ගණන් ඉහළ දැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මීට ටික මොහොතකට පෙර නිකුත් කොට තිබෙන නිවේදනය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

මේ අවස්ථාවේ තෙල් මිල ගණන් ඉහළ දැමීම ආණ්ඩුව අසීරුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ද යන්න පිළිබඳ සැකයක් තිබෙන බවත් ජනතාව අසීරුතාවයට පත්ව සිටින මේ මොහොතේ තෙල් මිල වැඩි කිරීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතා විසින් භාර ගෙන ඔහු බලශක්ති අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව කාරියවසම් මහතා විසින් නිකුත් කළ නිවේදනයේ ඇතුලත්ය.

Next Post

පිටපිටම දෙවැනි වරත් ඩුබායි ඉහළම ලොතරැයිය අපිට - රුපියල් කෝටි 81 ක් දිනූ ශ්‍රී ලාංකිකයා

Sun Jun 13 , 2021
දිනය පසුගිය තුන් (03) වෙනිදාය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ බිග් ටිකට් ලොතරැයි දිනුම් ඇදීමේ වේදිකාව විවිධ වර්ණ විදුලි බුබුළුවලින් ආලෝකමත් වෙමින් තිබුණි. ඒ සමගම වේග රිද්ම සංගීතයට සුන්දර තරුණියන් පිරිසක් බටහිර පන්නයේ නැටුමක නියැලෙමින් සිටියහ. එලෙස අති උත්කර්ෂවත් අන්දමින් හැඩවැඩ වී තිබුණ වේදිකාවට නිවේදක රිචඞ් සහ නිවේදිකා බවුචා […]

Breaking News