කැලණි ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළට – සපුගස්කන්දේ කළු තෙල් මුසු ජලයෙන් නිවාස යට වේ

කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලයමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ හේතුවෙන් කැලණි ගඟ නිම්නයේ දැනට පවතින ගං වතුර තත්වය තව දුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.

ඒ අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවතින ගං වතුර තවත් වර්ධනය වනු ඇතැයි ඔහු කීවේය.

කැලණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට තද වැසි ඇතිවීම මෙයට හේතුව බවද සුගීෂ්වර මහතා පැවසීය.

දැවි තෙල් මිශ්‍ර ජලය සපුගස්කන්ද අවට නිවාසවලට ගලා යාම නිසා එම නිවෙස් වැසියෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන  ටැංකි තුළට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ.

දැවි තෙල් සහිත ජලයෙන් ඇතැම් නිවාස අඩි ගණනක් යටවී තිබූ අතර බීමට ජලය ගන්නා ළිංවලට ද එම ජලය මුසු වි ඇතැයි ද තෙල් පිරිපහදුව අවට පිරිස කියති.

ඒ හේතුවෙන් අවට පරිසරයට ද දැඩි හානි සිදුව ඇතැයි ද වාර්තා වෙයි.

Next Post

අම්මායි තාත්තයි දරු දෙදෙනයි නොඑන ගමන් එකට යති - රට රැකියාවට ගිහින් හදපු නිවස - ජායාරූප

Sat Jun 5 , 2021
පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ මියගිය පිරිස 10ක් දක්වා ඉහළ ගොස් තිබේ.තවත් එක් අයෙකු අතුරුදහන් වු බවයි ආපදා කළමනාකරණ සඳහන් කළේය. අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අවදානම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දන්වන රතු නිවේදන නිකුත් කර ඇත්තේ,කළුතර […]

Breaking News