ජැක්සන්ගෙ දුව මාධවී පොලීසියට – චන්දීමාල්ගේ අම්මා ඇතුලු තවත් පිරිසකට වැඩ වරදියි

චන්දිමාල් ජයසිංහගේ උපන්දියනට සහභාගී වූ බව කියන තවත් හය දෙනකු අත් අඩoගුවට ගත් බව කොළඹ මධ්‍යම දූෂ_ණ විමර්ශන ඒකකය කියයි.

එම පිරිස අතර චන්දිමාල් ජයසිංහගේ මව, නැගණිය සහ ඔවුන්ගේ රියැදුරු ද සිටින බව පොලිසිය පවසයි. එම පිරිස අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ෂැංග්‍රිලා හෝටලයේ පැවැති චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වූ බව කියන ජැක්සන් ඇන්තනි මහතාගේ දියණිය වන මාධවී ජැක්සන් සහ ඇගේ සැමියාද අද උදෑසන අත් අඩoගුවට ගෙන ඇත.

එමෙන්ම මෙම සාදයට කෑම සකස් කළ ෂැංග්‍රිලා හෝටලයේ සූපවේදියකුටද මේ වනවිට වසංගතය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩoගුවට ගත් සමස්ථ සංඛ්‍යාව 21ක්.කෙසේ වෙතත් තවත් එක් පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත් අඩoගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සඳහා මේ වනවිටත් අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා උපන්දින සැමරුම පැවැත්වීමට අවසර ලබාදුන් කොළඹ ෂැංගී‍්‍රලා හෝටලය සම්බන්ධ විමර්ශන කොළඹ කොටුව පොලීසියෙන් ඉවත් කර කොළඹ අප_රාධ කොට්ඨාසයට බාරදී ඇතැයි පොලිස් මුලස්ථානය සදහන් කරයි.

නිරෝධායන නිති උල්ලංඝණය කරමින් සාදයක් පැවැත්වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙම හෝටලයට එරෙහිව කොළඹ කොටුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණේ ඉකුත් 30 වැනිදාය.

ඒ අනුව කොළඹ කොටුව පොලිසිය විසින් අදාළ හෝටලයේ කළමණාකාරීත්වයෙන් ප‍්‍රකාශ කිහිපයක් ද සටහන් කර ගනු ලැබ තිබූ බව ද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් එම සිද්ධියට අදළ විමර්ශන කොටුව පොලිසියෙන් කොළඹ අප_රාධ කොට්ඨාසය වෙත මාරු කිරීමට අද පොලිස් මූලස්ථානය කටයුතු කර තිබිණී.

නිරෝධායන නිති උල්ලංඝණය කරමින් මෙම සාදයට සහභාගී වූ 15 දෙනකු මේ වන විට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මතමුදා හැර තිබිණී. එසේම, එම අය මේ වන විට පස්යාල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර ඇතැයි පොලීසීය පවසයි.

උපුටාගැනීම – හිරු පුවත් 04/06/2021

Next Post

කැලණි ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළට - සපුගස්කන්දේ කළු තෙල් මුසු ජලයෙන් නිවාස යට වේ

Sat Jun 5 , 2021
කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලයමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත. ඒ හේතුවෙන් කැලණි ගඟ නිම්නයේ දැනට පවතින ගං වතුර තත්වය තව දුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය. ඒ අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, […]

Breaking News