සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවෙන් චන්දිමාල්ගේ සාදයට ගිය කලා පවුලක සාමාජිකාවක පොලිසිය සොයයි

රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය නිමිත්තෙන් ෂැංග්‍රිලා හෝටලයේ පැවැති සාදයට දේශපාලකයන්, ව්‍යාපාරිකයන්, රෑ රැජිනන්, නළු නිළියන් ඇතුලු විශාල පිරිසකගේ නම් එළියට ඒමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව මෙම පුද්ගලයන් පිළිබදවද සොයා බලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ‌අවධාරණය කර සිටිති.

මෙම සාදය උදෑසන සිට පැවැත්වී ඇති බවත්, කණ්ඩායම් වශයෙන් පිරිස් ඊට සහභාගී වී ඇති බවත් මේ වනවිට ආනවරණය වී ඇත.

එම නිසා සියලු දෙනාටම නීතිය එක හා සමාන අයුරින් ක්‍රියාත්මක කළ යුතු බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අ ඩ0ගුවට ගැනීමට පරීක්‍ෂණ කරමින් සිටින්නේ යැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

එම ප්‍රධාන හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවෙන් මෙම පුද්ගලයන් හදුනාගත් බවත් කොළඹ මධ්‍යම දූෂ_ණ විමර්ෂණ ඒකකය පරීක්‍ෂණ පවත්වමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා පැවසීය.

එම හෝටලයේ කළමනාකරුවකුගෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන්කරගත් බවත් සිද්ධිය වාර්තා වූ පසුගිය මැයි 30 වැනිදා රාත්‍රී එම හෝටලයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයාගෙන් හෙට ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය කියයි.

උපුටාගැනීම – ලංකාදීප 03/06/2021

Next Post

ජැක්සන්ගෙ දුව මාධවී පොලීසියට - චන්දීමාල්ගේ අම්මා ඇතුලු තවත් පිරිසකට වැඩ වරදියි

Fri Jun 4 , 2021
චන්දිමාල් ජයසිංහගේ උපන්දියනට සහභාගී වූ බව කියන තවත් හය දෙනකු අත් අඩoගුවට ගත් බව කොළඹ මධ්‍යම දූෂ_ණ විමර්ශන ඒකකය කියයි. එම පිරිස අතර චන්දිමාල් ජයසිංහගේ මව, නැගණිය සහ ඔවුන්ගේ රියැදුරු ද සිටින බව පොලිසිය පවසයි. එම පිරිස අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ෂැංග්‍රිලා හෝටලයේ පැවැති චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී […]

Breaking News