රාජකාරියට බාධා වෛද්‍යවරිය තම යුතුකම ඉටු කරයි – මොරටුව නගරාධිපතිට වැඩ වරදියි

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත් අඩං_ගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජ_නය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

මොරටුව පුරපතිවරයා තම ආධාරකරුවන් පිරිසකට ලබා දුන් අංක (ටෝකන්) පිළිවෙළට අනුව එන්නත් ලබාදිම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරිය එන්නත් ලබාගැනීමට පැමිණි පිළිවෙළට එන්නත් ලබාදිමට කටයුතු කිරීම නිසා පුරපතිවරයා හා වෛද්‍යවරිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වෙයි. 

ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 

එම විමර්ශනවලන් ලැබෙන සාක්කි අනුව ඔහු යම් අත් අඩං_ගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මොරටුව, මෝල්පේ මෙතෝදිස්ත දේවස්ථානයේ පැවති එන්නත් ලබා දීමේ වැඩසටහන අතරතුර උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබේ.

මෙම තත්ත්වය ඇති වූයේ, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන ග්‍රාමීය කමිටුව විසින් නිකුත් කරනු ලැබූ ටෝකන් පතට අනුකූලව එන්නත් ලබා දෙන ලෙස නගරාධිපතිවරයා වෛද්‍යවරුන්ට බලපෑම් කිරීම හේතුවෙනි.

එන්නත් ලබා දීමට පැමිණ සිටි වෛද්‍යවරුන් ඊට එකඟ නොවීම නිසා නගරාධිපතිවරයා ඊට විරෝධය පළ කළේය.එහිදී නාගරාධිපතිවරයා වෛද්‍යවරුන්ට දැඩිව පවසන්නේ, එන්නත් ලබා නොදෙන්නේ නම්, පිටව යන ලෙසය.

නගරාධිපතිවරයා පැවසුවේ, අද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කුරුණෑගල එන්නත්කරණ වැඩසටහන ද ටෝකන් ක්‍රමවේදයට අනුව සිදු කළ බවය.

මෙහිදී සිදුවූ බහින් බස්වීම අතරතුර නාගරාධිපතිවරයා දැඩි ස්වරයෙන් වෛද්‍යවරියට බලපෑම් කළ අතර ඒහිදී වෛද්‍යවරිය පවසන්නේ, රාජ්‍ය නිලධාරියෙකුට කතා කරන ආකාරය  දැන ගන්නා ලෙසය.තමන්ගේ රාජකාරියට බාධා නොකරන ලෙස ද වෛද්‍යවරිය එහිදී ඉල්ලා සිටියාය.

කෙසේ වෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කැමරාවක සටහන් වී ඇති දර්ශන සහ හඬ මගින් ඇසෙන්නේ, එන්නත් ලබා දිය යුත්තේ ටෝකන් දී ඇති පිරිසට පමණක් බවට පවසන ආකාරයයි.”එහෙම කරන්න බැරි නම් ගිහිල්ල කර ගන්න ඕනි දෙයක්. ගහන්න දෙන්නේ නැහැ. ගහන්න දෙන්නේ නැහැ. මම මෙතැන එනවුන්ස් කරල කියනවා යන්න කියලා. එතකොට ඔබතුමිට වදිද මන්දා”

කෙසේ වෙතත්, ටෝකන් ලබා නොදෙන ලෙස නගරාධිපතිවරයාට දැනුම් දුන් බව අදාළ වෛද්‍යවරිය පැහැදිලිව ප්‍රකාශ කළාය.

Next Post

නැව් අනතුරෙන් පස්සේ මාළු කන අය දැනගත යුතු කතාවක් - අපද්‍රව්‍ය හා මියගිය මසුන් කළුතර සිට මිගමුව දක්වා වෙරළට

Fri May 28 , 2021
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ඇති වු කලාපයේ ධිවර කටයුතු අත්හිටුවා ඇති බව ධිවර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දෛනික ආදායම අහිමි වන ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ධිවරයිනට සහන වැඩපිළිවෙලක් සකස් කරන බවයි.කොළඹ වරායට නුදුරු සාගරයේ දී ගිනි ගැනීමකට ලක් වූ රාසයනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞකාවේ තිබූ ද්‍රව්‍ය […]

Breaking News