වසංගත මර්දනය වෙනුවෙන් යතුරු පැදි බලඇණියක් – ජායාරූප

වසංගත මර්දනය වෙනුවෙන් උතුරේ සංචරණ සීමා උල්ලං_ඝනය කරන්න පුද්ගලයන් සොයා  බැලීමට ,සහ සෞඛ්‍යය නීති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පුහුණුව ලැබූ කාන්තා යතුරු පැදි බලඇණියක් යාපනයේ ස්ථාපිත කර ඇති බව යුද හමුදාව පවසයි.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම කාන්තා යතුරුපැදි බලඇණිය ස්ථාපිත කර ඇත.

උතුරේ ජනතාව සමඟ සහ සම්බන්ධතාවයෙන් කටයුතු කිරීම සඳහා සෙබළියන් සිය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම යතුරු පැදි කණ්ඩායමට බඳවාගෙන ඇති බවත් ද්‍ර_විඩ භාෂාව හැසිරීම සම්බන්ධයෙන් මනා පුහුණුවක් ද ලබා දී ඇති බවද හමුදාව පවසයි.




Next Post

රාජකාරියට බාධා වෛද්‍යවරිය තම යුතුකම ඉටු කරයි - මොරටුව නගරාධිපතිට වැඩ වරදියි

Fri May 28 , 2021
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත් අඩං_ගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි. මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජ_නය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. මොරටුව පුරපතිවරයා තම […]

Breaking News