විල්බැරෝවෙන් සුපර් මාකට් එකෙන් බඩු ගෙනගිය පුද්ගලයාට වුන දේ – වීඩියෝ සහිතයි

අද දිනයේ සංචරණ සීමා ලිහිල් කරනු ලැබුවේ ළඟම ඇති වෙළඳසැලට පයින් යෑමේ අවස්ථාව සලසා දෙමිනුයි.මේ අතර අද උදෑසන දර්ගා නගරයේදී මුව අවාරණ නොමැතිව එක්තරා පුද්ගලයෙකු විල්බැරෝවකින් සුපිරි වෙළඳසැලක සිට බඩු ගෙන යන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබුණා.

හොමඩ් අජ්වාද් මොහොමඩ් රිම්සාන් යන එම පුද්ලයා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් අලුත්ගම පොලිස් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.සංචරණ සීමා ලිහිල්කළ අද දින අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදි ගැනීම සඳහා රටපුරා ජනතාව නගරවලට සහ කඩසාප්පුවලට ඇදී ආහ.

වාහන හා යතුරු පැදි ආදිය ගමන් කිරීම තහනම් කිරීම නිසා ඇතැමුන් විල්බැරැක්ක රගෙනවිත් ඒවායේ ගෑස් සිලින්ඩර් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඒවායේ පටවාගෙන රැගෙන ගියහ. ත්‍රිරෝද ධාවනය නොකිරීම නිසා ඇතැම් පිරිස් කර මතින් ගෑස් සිලින්ඩර් රැගෙන යනු අයුරු දක්නට ලැබිණි.තවත් පිරිසක් පා ගමනින් පැමිණ බඩු භාණ්ඩ රැගෙන යනු දක්නට ලැබිණි.

වීඩියෝව පහතින් නරඹන්න

Next Post

ශ්වසන අපහසුතා සහ සමෙහි ආසාත්මිකතා – පිපිරුණු නැවෙන් අනතුරු ඇඟවීමක් - ගින්න නිවන්න බෑ - මෙන්න කරන්න යන දේ

Tue May 25 , 2021
කොළඹ වරායට ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ අද උදෑසන සිදු වූ පිපිරීමත් සමග යම් බහාලුම් ( containers ) ප්‍රමාණයක් මුහුදට වැටී ඇති අතර එම බහාලුම් අතර තිබූ බහාලුම් තුනක epoxy resin නම් රසායනික ද්‍රව්‍යය අඩංගු වන බව දැනුම් දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ෆේස්බුක් සටහනක් තබමින් […]

Breaking News