වසංගත සමඟම තවත් බියකරු රෝගයක් – එක් රෝගියෙක් දැනටමත් ලංකාවෙන් හමු වෙලා

දැනට පවතින වසංගත වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක් වන දිව විශාල වීමේ රෝගයක් පිළිබඳව අමෙරිකාවෙන් වාර්තා වේ. 

වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කරවමින් ඇතිව තිබෙන මෙම දිව විශාල වීමේ රෝගය “කො_විඩ් දිව (Co_vid tongue)“ ලෙසින් හඳුන්වනු ලබයි. 

ඊට හේතුව ලෙස හඳුන්වන්නේ මැක්‍රොග්ලොසියා (macroglossia) නම් රෝගය වන අතර එම රෝගීන්ටට කතා කිරීමට, ආහාර ගැනීමට සහ නිදාගැනීමට පවා අපහසුතා ඇති වන අතර වෛද්‍යවරුන් පවසා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයකදී වෙන්ටිලේටර් යන්ත්‍රය සම්බන්ධ කිරීමටද නොහැකි බවය.

අතිශයෙන්ම දුර්ලභ රෝගයක් වන මෙම රෝගය කො_විඩ් ආසාදිතයන් අතර වාර්තාවීම පිළිබඳව පර්යේෂකයන් පරික්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරුන් සැක පළකරන්නේ කො_විඩ් වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇති කරනු ලබන දුර්වලතාවය හේතුවෙන් මෙම රෝගය ව්‍යාප්තවීමට පටන් ගෙන ඇති බවය.

ඇමෙරිකාව තුළ මේ වන විටත් “කො_|විඩ් දිව“ රෝගීන් 09 දෙනෙකු හමුවී තිබේ.මෙම සියලු දෙනාම කො_විඩ් ආසාදනය වී පසුව එයින් සුවවූ පුද්ගලයින් ද වන බවත් සඳහන් වේ.

ඉන්දියාවේ කො_රෝනා වෛරසය සීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග පැතිරී යන කළු දිලීර රෝගය වැළඳුන පුද්ගලයෙක් මෙරටෙන් හඳුනාගෙන තිබේ.

අම්පාර ප්‍රදේශයෙන් මෙම රෝගියා හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරන්නේ මෙම දිලීරය හරහා රෝගී තත්ත්වය උත්සන්න වීම හා මරණ සංඛ්‍යාව වැඩි වීම් වාර්තා වන බවයි.

අම්පාර ප්‍රදේශයට මෙම දිලීරය පැතිරුනේ කුමන ආකාරයෙන් දැයි මෙතෙක් සොයාගෙන නැති බවත් ඔහු පැවසීය.

මෙම දිලීරය ආසාදිත වූවන්ගේ ඇස් වලට සහ ස්වසන මාර්ගයේ හානි සිදුවීමෙන් පසු මොළයට දැඩිව බලපායි. මේ හරහා ඇස අන්ද වීමට ඉඩ ඇති මෙන්ම ඉන්දියාවේ ඇස් ඉවත් කළ අවස්ථා ද වාර්තා වේ.

Next Post

විපක්ෂ නායක සජිත්ට සහ බිරිඳටත් වසංගතය ආසාධනය වේ - සජිත් මහජනතාවගෙන් කල ඉල්ලිම

Sun May 23 , 2021
ඊයේ මගේ බිරිඳ කෝ_විඩ් -19 රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්, මම PCRඑකක් ද කළ අතර මඳ වේලාවකට පෙර මා ද ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව දන්වා සිටියෙමි. මගේ බිරිඳගේ රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී, මම රෝග ලක්ෂණ රහිතව සිටිමි. අපි දෙදෙනාම දැනට […]