යුද හමුදාව හැදූ විශාලතම ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත වෙයි – රෝගීන්ට කෑමබීම ඇතුළු සියලු පහසුකම් නොමිලේ – ජායාරූප

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගොඩනැගු සීදුවේ පිහිටි නව වසංගත ප්‍රතිකාර මධ්‍යස්ථානය අද(18) සවස 3.00ට විවෘත වීමට නියමිතයි.සෙනෙහසේ විජයග්‍රහණය රෝහල් පරිශ්‍රය නමිනුයි මෙය හඳුන්වනු ලබන්නේ

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විවෘත කිරීමේ උත්සවයට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවනු ඇති

සීදූවේ ‘බ්‍රැන්ඩික්ස්’ ඇඟලුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ඉදිකර ඇති මෙම රෝහල තුළ ඇඳන් 1300ක් රෝගීන් සඳහා සූදානම් කර ඇති අතර එම රෝගීන්ට කෑමබීම ඇතුළු සියලු පහසුකම් නොමිලේ ලැබෙනවා. සීදුවේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කළ විශාලතම වසංගත ප්‍රතිකාර මධ්‍යස්ථානය මෙය වෙයි.

ජායාරූප උපුටාගැනීම – අද පුවත්පතින්



















Next Post

වසංගතය වසන්තයක් කරගත් මිනී පෙට්ටි මුදලාලිලා - ඉටිකොළ උරයක බහාලන දේහය ආදාහනය කරන්න ගරන ගැරිල්ල මෙන්න

Sat May 22 , 2021
අපි අද මේ කියන්නට යන්නේ වසංගත ඛේද’වාචකය, මාෆි’යාවක් කරගත් කාක්කන් රැලක් ගැනය. මේ වසංගතයේදී අබ ඇටයේ සිට මුදල් ගසාකන කාක්කන් රැසක් සිටියත් මේ කියන්නේ මැරුණු මළකුණෙනුත් මුදල් ගසාකන මා’ෆියාවක් ගැනය. වටෙන් පිටෙන් ලැබුණු තොරතුරුවලින් පමණක් නොව ලියුම්කරු සෘජුවම දුරකථනය හරහා සම්බන්ධ වෙමින් සොයාගත් තොරතුරුය. ලියුම්කරු:- මේ….. මල්ශාලාවෙන්ද? කළමනාකරු (මල්ශාලාවේ):- ඔව් […]

Breaking News