ඉදිරි තත්වය ඉතාම බරපතලයි – ඇමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක් – ජූනි අවසන් සතියේ වංගතයේ උපරිම – සියළු දත්ත වාර්තා මෙන්න

තවත් සති දෙකකින් පමණ මෙරට දෛනික වසංගත ආසාදිතයන් 6000 දක්වා වැඩි වි වෙනු ඇතැයි විශ්වාස කළ හැකි යයි කොළඹ ජාතික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ උපුල් දිසානායක මහතා සඳහන් කරයි.

දැනට ආසාදිතයන් හමුවන්නේ සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය අනුව බවත් පරීක්ෂණ සිදු නොකර සමාජයේ සිටින ආසාදිතයන් ප්‍රමාණයද දැනට හමුවන ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ විය හැකිද තමන් විශ්වාස කරන බවත් ඔහු පැවසීය.

ඇතැම් අවස්ථාවන් වල සිදුකරන පරීක්ෂණ වලින් සියයට විස්සක් විසිපහක් පමණ ආසාදිත වන හමුවන අවස්ථාව ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඉදිරියේදී වාර්තා වන ආසාදිතයන් ගෙන් වැඩි ප්‍රමාණයක් රෝහල්ගත වීමට අවශ්‍ය නොවනු ඇති නමුත් ඉන් 17% වැනි ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍ය වනු ඇතැයිද ඔහු පැවසීය.

විශාල ආසාදිත පිරිසකගෙන් 17%ක් යනු විශාල ප්‍රමාණයක් බවත් ඒ නිසා රෝහල් ධාරිතාව ඉක්මවා යන ඇති බවත් ඔහු කියා සිටී.

මේ පිළිබඳව රජය විසින් පියවර ගත යුතු නමුත් රෝගීන් ප්‍රමාණය වැඩි කර නොගැනීමට සමාජයීය වශයෙන් සියලු දෙනාටම වගකීමක් ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

රට වසා දැමීමට වඩා තම මුහුණ කට වසා ගැනීම පහසු බවත් වෛරසයෙන් ආරක්ෂා වීමට මුව ආවරණය මුහුණු ආවරණය භාවිතා කිරීම ප්‍රමාණවත් බවත් ඔහු සඳහන් කළේය.කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

වොෂිංටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ Institute for Health Metrics and Evaluation (IHME) ලංකාවේ තත්ත්වය ගැනද ගණිත මාදිලියක් මගින් පුරෝකථනයක් කර ඇති අතර එහිදී ලබන සැප්තැම්බර් මස 01 දා වන විට ශ්‍රී ලංකාවේ වසංගත ම_රණ 20000 ඉක්මවා යනු ඇතැයි ඔවුන් සමීක්ෂණය කර තිබේ.

තත්ත්වය වඩාත් නරක වුවහොත් ශ්‍රි ලංකාවේ ම_රණ සංඛ්‍යාව එම කාලසීමාව වන විට 30000 සීමාවට පැමිණිය හැකි බවත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමෙන් එය 16000ක පමණ සීමාවක තබා ගැනීමට හැකිවෙනු ඇති බවත් එම ආයතනය ඉදිරිපත් කර ඇති ප්‍රස්තාර සටහන් වලින් පෙනෙනට තිබේ.

මෙම ආයතනය පසුගිය කාලසීමාවේදී වසංගත සම්බන්ධයෙන් විවිධ රටවල් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පුරෝකතන බොහෝ දුරට නිවැරදිවීම හේතුවේ ඔවුන්ගේ පුරෝකතනය පිළිබඳව සමාජ මාධ්‍ය තුළද වැඩි අවධානයක් යොමුව තිබේ.

ඔවන් පවසන්නේ ඉදිරි ජුනි, ජුලි, අගෝස්තු, සැප්තැම්බර් මාසයන් ලංකාවට ඉතා දුෂ්කර කාලදීමාවක් වෙනු ඇති බවයි

ජුනි මස අග සතිය වන විට විට ශ්‍රී ලංකාවේ වසංගත ම_රණ උපරිමයට පැමිණෙනු ඇති බවට ඔවුන් පුරෝකතනය කරයි. එම කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ දෛනික වසංගත ම_රණ 235 සීමාවට පැමිණෙනු ඇතැයි සඳහන් කරයි.

එසේම දෛනික ආසාදිත සංඛ්‍යාව මෙම ආකාරයට ඉදිරියට ගිය හොත් 40000 සීමාව පසුකරනු ඇති බවත් එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

Next Post

ගිලන් වූ ගිලන් රථ යලි සේවයට එන්න සුදානම් වෙන අපූරුව - ජායාරූප සහිතයි

Tue May 11 , 2021
වසර ගණනාවක සිට රෝහල් භාවිතයෙන් ඉවත් කෙරුණු ගිලන්රථ 150ක් නැවත අලුත්වැඩියා කොට රෝහල්වලට බෙදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් එහි මූලික අදියර ලෙස ගිලන්රථ විස්සක් අලුත් වැඩියා කිරීම ආරම්භ කර ඇති බවත් ‍ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා ඊයේ (10දා) පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් වලට […]

Breaking News