පාන්දර 2කට අවදිවී දවසේ වැඩ ආරම්භ කරන ආචාර්ය පබිලිස් සිල්වාගේ දින චර්යාව මෙන්න

පබිලිස් සිල්වා කියන්නේ නම කියූ පමණින් හැමෝමටම හුරු පුරුදු චරිතයක්. ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රවීණ සුපවේදී පබිලිස් සිල්වා මහතා ඔහුගේ දින චර්යාව ගැන රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වලා තිබුණා. ඔහු මේ වන විට 84 වැනි වියේ පසුවෙනවා. නමුත් තරුණයෙක් නොකරන වැඩ කොටසක් ඔහු අතින් සිදු වෙනවා.

මේ ඔහුගේ දින චර්යාව,

මම පාන්දර 2 ට ඇහැරෙනවා.ඉස්සර වෙලාම මුණ සෝදනවා.ඊට පස්සෙ මම යන්නෙ ඔසු කුටියට.(කුස්සිය)ගිහිල්ලා තේ හදන්න අවශ්‍ය ද්‍රව්‍ය දේවල් ලෑස්ති කරනවා.

ඊළඟට මල් කඩන්න නෙවෙයි මල් නෙලන්න යනවා.ඉන් පස්සෙ තේ හදල, පලතුරු කපල ඉස්සර වෙලාම දෙවියන්ගෙ කොටස, බුදුන්ගෙ කොටස, මගේ කොටස වෙන් කරනවා.

දෙවියන්ගේ කොටස මම ළඟටම ගිහිල්ලා දෙනව. දෙවියො කියනවා ඔන්න ඔහෙන් තියල යන්න කියලා. දෙවියො කියන්නෙ මගේ හාමිනේ.ඒ ටික කරල මගේ වාහනය සෝදලා සුද්ධ කරනව.ඒ එක්කම උදේට කෑම හදන්න අවශ්‍ය ඇට ජාති පෙඟෙන්න දානවා.

ඊට පස්සෙ පිටරට කෑම හදන වැඩසටහන් පැයක් පමණ නරඹනවා.උදේ 4.45 ට හැමදාම නානවා.ඒ වෙනකොට දෙවියොත් නැගිටිනවා.5.15 ට විතර දෙවියො එක්ක මම බුදුන් වඳිනවා.ඊට පස්සෙ මමයි හාමිනෙයි කොඩ්ලිවර් ඔයිල් ටැබ්ලට් දෙකක් බොනවා.

ඊට පස්සෙ තමා වැඩට යන්නෙ.මම ඉස්කෝලේ ගිහිල්ල නෑ. නමුත් අද මම පොත් 20 ක් ලියපු කතෘවරයෙක්. ලෝකයේ සේවක ජන්දෙන් පත් උන එකම සූපවේදියා මම.ලෝකයේ ආහාර සම්බන්ධ කිලෝ 2 ක් පමණ බර මහාවංශය පොතත් මා සතුයි!කුඩාම පොතත් මා සතුයි.

නමුත් මා සතු මෙම දැනුම දරුවන්ට දීමට කීප වතාවක්ම උත්සාහ කලා. කිසිම රජයක් මගේ කීම පිළිගත්තෙ නෑ.මේ අප ගන්නා ආහාර රටාවේ වරදිනුයි මේ සියලු බෝ නොවෙන රෝග ඇතිවෙලා තිබෙන්නේ. ඒක වෙනස් කරන්නයි මම ආණ්ඩුවලට යෝජනා කලේ.

ඒ අය ඒක පිළිනොගත්ත උනත් මම උත්සාහය අත් හරින්නෙ නෑ. මම පොත් ලියනවා.මම අදටත් තරුණයෙක් වගේ ආහාර ගැන විවිධ පර්යේෂණ කරන පුද්ගලයෙක්.ඒ නිසාම 1995 දී විශ්‍රාම ගිය මාව අදටත් කිසිවෙකුට බෑ මාව එම ආයතනයෙන් අස් කරන්න.

Next Post

සින්දු කියන්න ගිහින් බස් හෝල්ට් වල නිදාගත්තා - මමයි,තාත්තයි නොවිඳිනා දුක් වින්දා- ශශිකා නිසං­සලා

Sun May 9 , 2021
ශශිකා නිසංසලා සංගීත ක්ෂේත්‍රයට ආ දා පටන්ම මිහිරි හඬකින් රසික හිත් බැඳ ගත් ගායන ශිල්පිනියක්. වසර හයක් නොකඩවා ජනතා සම්මානලාභිනියක් වන්නට ඇයට හැකි වුණෙත් ඒ නිසයි. පසුගිය දා ඇගේ හඬින් තවත් අපූරු ගීතයක් එළිදැක්වුණා. වෙනසක් නැතුව රසික හිත් එයටත් ආදරයෙන් බැඳිලා. ඒ ගැන අහන්නත් එක්ක අපි ඇය ව කතා බහට […]