පාලනයෙන් ගිලිහුණු රොකට්ටුව පහළට එනවා – නාසා ආයතනයෙන් ලෝක වාසීන්ට අනතුරු ඇඟවීමක්

පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට් කැබැල්ල අද (8) සවස හෝ හෙට (9) අලුයම් කාලයේ හෝ පොළොවට කඩා වැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති.

සිදු කළ ගණනය කිරීම් අනුව, රොකට් කැබැල්ල අද සවස හෝ හෙට පොළොවට වැටෙනු ඇති බව පැවැසුවත්, එය වැටෙන්නේ කොතැනටදැයි යන්න නිවැරදිව කීමට හැකියාවක් නැත.

රොකට්ටුව මේ වනවිට පෘථිවි කක්ෂයේ පාමෙන් ඇත්තේ පැයට කිලෝ මීටර් 30,000 ක පමණ වේගයකිනි.

වායු ගෝලයට ඇතුළු වන රොකට් කැබැල්ල මූදට වැටුණහොත් එයින් කාටවත් අනතුරක් සිදු නොවන අතර, එය ගොඩබිම ජනාකීර්ණ ස්ථානයකට පතිත වුවහොත් මහා විනාශයක් සිදුවීමට ඉඩ ඇත.

එහෙයින් ඒ ගැන විමසිල්ලෙන් පසුවන්නැයි ලෝක වාසීන්ට අනතුරු ඇඟවීමට ද නාසා ආයතනය පියවර ගෙන තිබේ.

පොළොවට කඩා වැටීමට නියමිතව ඇත්තේ, මීට දින කීපයකට පෙර චීනය යැවූ රොකට්ටුවක කොටසකි.

චීනය අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරමින් පවතී. එය 2022 වසර අවසන් වෙද්දී ඉදිකර අවසන් කිරීමට නියමිතය. ඊට අවශ්‍ය කොටස් පෘථිවි කක්ෂයට ගෙන යෑම සිදුවන්නේ Long March 5B වර්ගයේ චීන රොකට්ටුවෙනි.

කඩා වැටෙන්නේ Long March 5B රොකට්ටුවට අයත් ටොන් 21 කට වඩා බරින් යුත් මීටර් 30 ක් පමණ දිග රොකට්ටුවේ බූස්ටර් කොටසය.

මෙම කොටස උඩු ගුවනේ දී වෙන් වී පහළ සාගරයට වැටීමට සැලැසුම් කර තිබුණු නමුත්, එය පෘථිවි කක්ෂයට ඇතුළු වී තිබේ. එය පසුගිය දිනකීපය පුරා පෘථිවි කක්ෂයේ පාවෙමින් තිබුණු අතර දැන් එය පෘථිවි වායුගෝලයට පිවිසීමටත් ගිනිගෙන දැවෙමින් යළි පෙළොවට ඇදී ඒමටත් නියමිතය.

වසර 30 කට පසු පොළොවටය පතිත වන දැවැන්තම රොකට්ටු කැබල්ල මෙය යැයි නාසා ආයතනය කියයි.

රොකට් කැබැල්ලේ ගමන් දිශාව පිළිබඳ චීනය, ඇමෙරිකාව, රුසියාව සහ යුරෝපා රටවල් මේ වනවිට විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ.

Next Post

පාන්දර 2කට අවදිවී දවසේ වැඩ ආරම්භ කරන ආචාර්ය පබිලිස් සිල්වාගේ දින චර්යාව මෙන්න

Sat May 8 , 2021
පබිලිස් සිල්වා කියන්නේ නම කියූ පමණින් හැමෝමටම හුරු පුරුදු චරිතයක්. ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රවීණ සුපවේදී පබිලිස් සිල්වා මහතා ඔහුගේ දින චර්යාව ගැන රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වලා තිබුණා. ඔහු මේ වන විට 84 වැනි වියේ පසුවෙනවා. නමුත් තරුණයෙක් නොකරන වැඩ කොටසක් ඔහු අතින් සිදු වෙනවා. මේ ඔහුගේ දින චර්යාව, මම පාන්දර […]