ලිස්ට් එකේ නැති ප්‍රභූ පිරිසක් බන්ධනාගාරයෙන් එන්නත අරන් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිගෙන් චෝදනා

ශ්‍රී ලංකාවේ වසංගතයට එරෙහිව ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අද්නාම් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ බව ප්‍රකාශ කළේය.

ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව සඳහා මේ වන විට ලොවපුරා මාත්‍රා මිලියන  20ක පමණ අවශ්‍යතාවක් පවතින බවද ජනපතිවරයා සඳහන් කරයි.

මේ අතර එන්නත් ලබාගැනීමට ලියාපදිංචි වී නොසිටි ප‍්‍රභූ පැලැන්තියේ සිය දෙනකුට අධික පිරිසකට වැලිකඩ බන්ධනාගාර රෝහල තුළදී පෙරේදා 05දා සහ ඊයේ 06දා හොර රහසේ කො_විඩ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබාදී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඊයේ 06දා පැවසීය.

රට පුරා එන්නත් ලබාදීමේ උග‍්‍ර අර්බුදයක් මතුව ඇති මොහොතක බන්ධ_නාගාර රෝහලක් තුළදී මෙලෙස පිටස්තර පුද්ගලයන්ට එන්නත් ලබාදීම පිළිබඳව රජය වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවද වෛද්‍යවරයා සඳහන් කළේය. අ_ල්ලස් හෝ දූෂ_ණ කොමිසමේ ඉහළ නිලධාරනියකටත්, එන්නත් පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියකගේ දියණියකටත් කො_විඩ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබා ගැනීමට ගිය අවස්ථාවේදී එය ලබා නොදුන් සෞඛ්‍ය අංශ බන්ධ_නාගාරයක් තුළදී තෝරාගත් පිටස්තර ප‍්‍රභූ පැලැන්තියකට මෙලෙස එන්නත ලබාදෙන්නේ කුමන පදනමකින් දැයි තමා ප‍්‍රශ්න කරන බව වෛද්‍ය බෙල්ලන මහතා කීවේය.

වැලිකඩ බන්ධ_නාගාර රෝහල තුළදී කො_විඩ් එන්නතේ දෙවන මාත‍්‍රාව ලබාදුන් පිරිසගේ නම් සඳහන් කරගෙන නැතත් අවශ්‍ය පරීක්‍ෂණයන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සාක්‍ෂි තමන් සතුව ඇතැයි ද වෛද්‍වරයා කියා සිටියේය.

උපුටාගැනීම දිවයින

Next Post

තුන්වැනි රැල්ලට පලමු පැණිය හරියන්නේ නෑ.අලුත් එකක් හැදුවා - දෙසැම්බර් 31 වෙනකම් බලපත්‍රයත් ගත්තා - ධම්මික බණ්ඩාර

Fri May 7 , 2021
වසංගත වෛරසය සදහා තමන් විසින් හඳුන්වා දුන් ඖෂධය නිෂ්පාදනය නවතන්නැයි කිසිවකු තමන්ට දන්වා නැතැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි. එහ ඖෂධය මෙම වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා නිෂ්පාදන කල හැකි වන සේ බලපත්‍රයක් රජය විසින් තමන්ට ලබාදී ඇතැයිද ඔහු පැවසීය.එම කාලය තුළ තමන් බෙහෙත නිෂ්පාදනය කරන බවත් සොයාගෙන පැමිණෙන […]

Breaking News