විදු­හලේ උසස් පෙළ ප්‍රථ­මයා ඉස්සන් කොටුවේ විදුලි සැර වැදී අවසන් ගමන් ගිය සංවේදී පුවත

ආර­ච්චි­ක­ට්ටුව, බත්තු­ළු­ඔය මහා විද්‍යා­ලයේ මෙවර උසස් පෙළ විභා­ගයේ පිරිමි අංශයේ වැඩිම ප්‍රති­ඵල ලැබූ සිසුවා විදුලි සැර වැ_දී­ම­කින් මි_ය­ගොස් ඇත.

මෙලෙස මි_ය­ගොස් ඇත්තේ ආර­ච්චි­ක­ට්ටුව මුතු­ප­න්තිය ග්‍රාමයේ පදිං­චිව සිටි ඉසුරු මනෝජ් 21 නමැති අයෙකි. පසු­ගි­යදා (4) නිකුත් වූ උසස් පෙළ ප්‍රති­ඵ­ල­ව­ලින් කලා අංශ­යෙන් සම්මාන තුනක් මේ සිසු­වාට හිමිව ඇත.

පෙරේදා (5) මේ සිසුවා අන්ත­ර්ජා­ලය හරහා ප්‍රති­ඵල බලා පසුව සිය ඉස්සන් පොකු­ණට ගොස් ඇති අතර, එහිදී විදුලි සැර වැදී ඇත. පසුව ප්‍රදේ­ශ­වා­සීන් එක්ව මේ දරුවා හලා­වත මහා රෝහ­ලට රැගෙන පැමිණ ඇති අතර, එහිදී මි_ය­ගොස් තිබේ.

උසස් පෙළ විභා­ග­යට පෙනී සිටී­මෙන් පසු මේ දරුවා ඉස්සන් වගා­වක් ආරම්භ කර ඇති අතර, ඉන් එක් පොකු­ණක් ඔහු විසින් තනි­වද තවත් පොකුණු දෙකක් හවු­ලේද කර ඇත. මේ දරු­වාගේ මවු­පි­යන් නැති අතර, ඔහු රැක බලා ගෙන ඇත්තේද මවගේ සහෝ­ද­රි­යකි.

මේ දරුවා ඉගෙන ගැනී­මට අම­ත­රව ක්‍රීඩාද කර ඇති අතර, විද්‍යා­ලය නියෝ­ජ­නය කර­මින් පළාත් මට්ටම දක්වා ගිය විද්‍යා­ලයේ කැපී පෙනෙන සිසු­වකු වූ බව බත්තු­ළු­ඔය මහා විද්‍යා­ලයේ විදු­හ­ල්පති ඩබ්ලිව්. බී. එස්. කේ. තිසේරා මහතා පැව­සීය.

මර­ණය පිළි­බඳ පශ්චාත් පරී­ක්ෂ­ණය ඊයේ (6) හලා­වත මහ රෝහ­ලේදී කර ඇත. මේ පිළි­බඳ ආර­ච්චි­ක­ට්ටුව පොලි­සිය හා විදුලි බල මණ්ඩ­ලය විශේෂ පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර තිබේ.


Next Post

ජනපතිට ඇමරිකාවෙන් මිණිපිරියක් - මනෝජ් රාජපක්ෂ ආයෙත් තාත්තා කෙනෙක්

Sat May 8 , 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ බිරිය වන සෙව්වන්දි රාජපක්ෂ මහත්මියට දරු උපතක් සිදුව ඇතැයි ඇමරිකාවෙන් වාර්තාවේ. අලුත උපන් දරුවා දියණියකි. ඇමරිකාවේ පදිංචිව සිටින ජනපති පුත් මනෝජ් රාජපක්ෂ 2011 වසරේ විවාහ දිවියට ඇතුළත් වූයේය. එම විවාහය කොළඹ හිල්ටන් හෝටලයේදී සිදුවිය.මනෝජ්- සෙව්වන්දි යුවළට මින් ඉහත ලද දියණියකද සිටින අතර […]

Breaking News