වසංගතය වැළඳුනු ගැබිනිය බේරාගැනීමට ගත් උත්සහය අවසන් වූ අයුරු – ජිවිතේ අනිත්‍යබවත්, වසංගත නියුමෝනියාවේ දරුණු බව දොස්තර තැබූ සටහන

සිය කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි ගැබිනි කාන්තාවක් වසංගත නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීමෙන් පසුගිය 4වැනිදා රාගම රෝහලේදී ජීවි-තක්ෂයට පත්විය.

45 හැවිරිදි එම ගර්භණි කාන්තාව රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙරටදී වසංගත වෛරසය ආසාදනයවීමෙන් මි-යගිය පළමු ගර්භනී කාන්තාව ඇය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඇගේ ම_රණයත් මෙරටේ සියලුම ගර්භනී මව්වරුන්ට ඉතා අවදානම් සහගත පණිවුඩයක් ලබා දී ඇත.

මේ අතර ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙක් විසින් තම ෆේස්බුක් ගිණුමේ ඉතා සංවේදී සටහනක් තබා ඇත.

මේ එම ෆේස්බුක් සටහන පහතින්….

වේලාව සවස 4.30ට පමන. Covid HDU එක තුල තවත් කාර්‍යබහුල වෙලාවකි.මාත් මාගේ මිත්‍රයාත් උදේ සිට රොගීන් සමග පොර බැද හෙම්බත්ව සිටියේය. අපේ nurses ලත් පැය ගනනක් ඇදි PPE ගලවා පැමිනියා පමනි. Ward registrar HDU එක තුලට කඩා වැදුනේ pregnant අම්මා කෙනෙක්ට Bed එකක් විමසමින්. ඒ වන විටත් අපගේ Bed 6 ම රෝගීන්ගෙන් පිරි ඇත.

සියලු දෙනාම ජීවිතයත් මර_ණයත් අතර සටනකය. සමහරු Ventilator වලය. සමහරු CPAP වලය. උපරිම ප්‍රමානයෙන් ඔක්සිජන් deliver කරමින් ඇත. HDU එක තුල වූ සියලුම Syringe Pump රෝගින්ට සවිකර ඇත. කිසිම අයෙකු සෙලවිය හැකි තත්වයක සිටියේ නැත. නමුත් ඉල්ලීම තුල ජීවිත දෙකකි.

අපි දෙදෙනට වෙන කල හැක්කක් නැත. තරමක් හෝ stable ව සිටිය patientව විගසින් වාට්ටුවකට මරු කර Bed එකක් සූදනම් කර ගත්තේය. සවස 6.30ට පමන මිනුවන්ගොඩින් transfer එක පැමිනියේය. ඇය වයස 45ක පමන තෙමස් මවකි. එයද ඇයගෙ පලමු දරුවා වීමද විශේශත්වයකි.

ඇය HDU එක තුලට ඇතුලුවත්ම කෑගසා ඉල්ලා සිටියේ ඇයව බේරා දෙන ලෙසය. ඇය ඉත අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියේය. කඩිනම් වූ අප කර්‍යමන්ඩලය විගස ඇයව bed එකට දමා monitor වලට සවිකරගත්හ. CPAP එක සූදනම් විය.

අමාරු වූ හුස්ම අතරින් ඇය මල්ලෙන් phone එක ඇද call එකක් ගන්නට දැගලිය. බෝහොවිට තමාගේ ස්වමියාට විය හැක. Bed එකට දමා ගත වූයෙ තප්පර කිහිපයකි. කිසිවක් කිරිමටවත් ඉඩ නොතබා ඇය arrest විය. මාගේ යලුවා තප්පර ගන්නකදි PPE එකට බැස ඇය ලගට දිව ගියහ. PPE එක සම්පූර්නයෙන් ඇන්දාද කියලවත් සිහි නැත. සියලුම හෙදියන් සමග ඔහු resuscitation පටන් ගන්නා අතර තුර මා Registrar, SR, Med Team සියල්ලන් කැදවිය.

විනාඩි 45 පමන අප දන්න සියලු ශිල්ප කලෙමු. නමුත් ජිවිතේ අනිත්‍යබවත්, වසංගත නියුමෝනියාවේ දරුනු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැති විය. සියලු දෙනා විනාඩි කිහිපයක් නිරුත්තර විය. හෙදියන්ගේ විඩාබර මුහුනු දිගේ කදුලූ කැට වැටුනි.

මෙය තවත් එක අවසනාවන්ත එක සිදුවීමක් පමනි. අපගේ දාරිතාවන් ඉක්මවා යමින් ඇත. සියලුම සෞඛ්‍ය සේවකයන් හෙම්බත්ව ඇත. ඔවුන්, ඔවුන්ගේ උපරිමය කරමින් ඇත. මහජනතාව තමන්ගේ ආරක්ශව ගැන මීට වඩා සිතිය යුතුව ඇත. එසේ නොමැතිනම් අපිටද තව නෝබෝ දිනකින් උරුම වනුවේ ඉන්දියාවට වූ දේම බව මතක තබා ගන්නේන්ම් මැනවි.”


සටහන – වෛද්‍ය තරිදු C පෙරේරා

Next Post

ලිස්ට් එකේ නැති ප්‍රභූ පිරිසක් බන්ධනාගාරයෙන් එන්නත අරන් - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපතිගෙන් චෝදනා

Fri May 7 , 2021
ශ්‍රී ලංකාවේ වසංගතයට එරෙහිව ලබාදුන් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම වෙනුවෙන් අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අද්නාම් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනපතිවරයා සිය ට්විටර් […]

Breaking News