බබා බත් කන්නේ නෑ කියලා 119 ට කියන්න එපා – ඇතැම් කාන්තාවෝ බේසම් – පුටු සීට්ටු ප්‍රශ්න කියන්නෙත් මේකට

මෙවර සිංහල හා හින්දු අලුත්‌ අවුරුද්ද බොහෝදෙනා සමරනු ලැබුවේ සතුටින්‌ හා සැහැල්ලුවෙනි. ගියවර කො_රෝනා වසංගතය නිසා අවුරුදු සමරන්නට නොලැබුණු සියල්ලන්ම පාහේ මෙවර තමන්ට හැකි උපරිමයෙන්‌ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළෝය.

ඒ අතර ලැබුණු නිවාඩුවේ කාට හෝ ලණුවක්‌ දී සතුටු වෙන්නට සිතූ අයත්‌, එසේ ලණු දී සතුටු වූ අයත්‌ නොසිටියාම නොවේ. දංකොටුව පැත්තේ අක්ක නගෝ දෙදෙනෙක්ද ඒ ආකාරයට 119 පොලිස්‌ හඳිසි ඇමතූම්‌ සේවාව අමතා ලණුවක්‌ දෙන්නට ගොස්‌ පොලිස්‌ අත්‌ අඩ0ගුවට පත්වූ සිද්ධියක්‌ පසුගියදා වාර්තා විය.

දිනය හරියටම ඒ අප්‍රේල්‌ 18 චනදාය. එදින සවස 2.45ට පමණ තරුණියක්‌ 119 හදිසි ඇමතුම්‌ අංකයට කතා කොට කියා තිබුනේ දංකොටුව පොලිසියට පහ_රදීමට කිසියම්‌ පිරිසක්‌ භයානක පු_පුරණ ද්‍රව්‍ය රැගෙන එන බවයි.

මෙම පුවත 119 හදිසි ඇමතුම්‌ මධ්‍යස්ථානය වෙත ලද වහාම දංකොටුව පොලිසියට ඔවුන්‌ ඒ බව දැනුම්‌ දී තිබුණි. නමුත්‌ සිද්ධියේ ‘සත්‍ය අසත්‍යතාව පිළිබඳ තොරතූරු විමර්ශණයේදී අනාවරණය වී තිබුණේ එය පොලිසිය මුලා කරන්නට හිතාමතාම ලබාදුන්‌ වැරදි තොරතුරක්‌ බවය.

අදාළ ඇමතුම ලබාදී තිබුණේ දංකොටුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියක විසිනි. ඇය එම ඇමතුම ලබාදීමට භාවිත කර තිබුණේ සිය සොහොයුරියගේ ජංගම දුරකතනයයි. මේ නිසා මෙම තරුණියන්‌ දෙදෙනාවම අත්‌ අඩ0ගුවට ගැනීමට දංකොටුව පොලිසිය පියවර ගත්තේය. අනතුරුව දෙදෙනාම මාරවිල මහේස්ත්‍රාත්‌ අධිකරණයට ඉදිරිපත්‌ කරන ලදුව, ඇමතුම ලබාදුන්‌ තරුණිය අප්‍රේල්‌ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධ_නාගාරගත කෙරිණි.

ඇගේ සහෝදරිය ඇප මත මුදාහැරුණේ දැඩි ලෙස අවවාද කිරීමෙන්‌ අනතුරුවය. මේ 119ට ආ ආසන්නතම ඇමතුම නමුත්‌, ඉකුත්‌ ජනවාරි මාසයේද අයෙක්‌ මහනුවර ප්‍රදේශයේ සුප්‍රකට බෞද්ධ සිද්ධස්ථානයට බෝ_ම්බ ගසන බවට ත_ර්ජනය කරමින්‌ දුරකතන ඇමතුමක්‌ ලබාදී තිබුණි.

එම ඇමතුම ලබාදීම සම්බන්ධයෙන්‌ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මුස්ලිම්‌ ජාතිකයෙකු පොලිස්‌ අත්‌ අඩ0ගුවට පත්වූ අතර, අනතුරුව කරන ලද විමර්ශන ගෙන්‌ හෙලිවූයේ ඔහු ඇමරිකාවේ. ගොස්‌ වෛද්‍ය විද්‍යාවද හදාරා ලංකාවට පැමිණි අයෙකු බවයි. කෙසේ නමුත්‌ ඔහුගේ මව ප්‍රකාශ කර තිබුණේ තම පුතු වසර විස්සක පමණ කාලයක සිට මානසික ආබාධයකට ප්‍රතිකාර ලබාගන්නා අයෙක්‌ බවය.

සැබෑවටම 119 හඳිසි ඇමතුම්‌ අංකය මහජනතාවට ලබාදී ඇත්තේ මේ ආකාරයේ සෙල්ලම්‌ කරන්නට නම්‌ නොවේ. හදිසි අවශ්‍යතා පිළිබඳව දැනුම්‌ දීමටය. 2020 වසරේ පමණක්‌ 119 දුරකතන අංකයට ආ ඇමතුම්‌ ගණන දොළොස්‌ ලක්ෂ තිස්‌ දෙදහස්‌ දෙසිය හැත්තෑ දෙකකි. (12,32,272) ඒ අනුව දිනකට ඇමතුම්‌ තුන්‌ දහස්‌ දෙසීයකට ආසන්න ප්‍රමාණයක්‌ ලැබේ. එහෙත්‌ මේ ලැබෙන ඇමතුම්වලින්‌ 93%ක්ම හදිසි මේ නිසාම සැබෑ අවශ්‍යතාවන්‌ මත ලැබෙන ඇමතුම්‌ ගණනාවක්‌ මගහැරී යාමට ඇති ඉඩකඩ වැඩිය.

119 ගත්තට වැඩක්‌ නැනේ. කෙනෙකුට මෙසේ කියන්නට වෙන්නේත්‌ මේ කියන වැඩකට නැති ඇමතුම්‌ නිසාම වීමටද පුළුවන. අප ඒ පිළිබඳව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්‌ රෝහණ මහතාගෙන්‌ විමසුවෙමු. “ඇත්තටම අපි 119 දුරකතන අංකය හඳුන්වලා දීලා තියෙන්නේ මේ රටෙ මිලියන විසි එකක්‌ වන ජනතාවගේ හඳිසි අවශ්‍යතා වෙනුවෙතයි.

ඒත්‌ ‘බොහෝදෙනා මෙම අංකයට ඇමතුම්‌ ‘ගන්නේ ඵහෙම කාරණා කියන්න නෙමෙයි. සමහරු බබා අඬනවා කියන්නත්‌, බබා බත්‌ කන්නේ නෑ කියන්නත්‌ 119ට ‘කතා කරනවා. තවත්‌ පිරිසක්‌ ඉන්නවා සීටටු ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න, චෙක්‌ ප්‍රශ්න කියන්නේ. ඊළඟට පවුල්‌ ආරවුල්‌. හැබැයි ඒ මොහොතේ වූ ප_හරදීමක්‌ ගැන නෙවෙයි මොවුන්‌ කියන්නේ. මහත්තයා එක්ක ඊට මාසෙකට, සති දෙක තුනකට කලින්‌ වුණ ආරවුල්‌ ගැනයි පැමිණිලි කරන්නේ.

වත්තට ගැරඬියෙක්‌. සර්පයෙක්‌ ආවත්‌ සමහරු 119ට තමයි කතා කරන්නේ. සමහරු ඉඩම ආරවුල්‌ කියලා කෝල්‌ කළාට බැලුවම ඒවා දීර්ඝ කාලයක්‌ ඉඳන්‌ තියෙන ප්‍රශ්න. ඊළඟට මෙ මෑතකදී දංකොටුවේ තරුණියක්‌ පු_පුරණ ද්‍රව්‍ය රැගත්‌ වාහනයක්‌ ගැන කිව්වා වගේ හිතාමතාම ව්‍යාජ තොරතුරු ලබාදෙන පුද්ගලයින්‌ ඉන්නවා.” 119 අංකයට දුරකතන මාර්ග විස්සක්‌ ක්‍රියාත්මක අතර එම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මිරිහානේය.

ඒ වෙනුවෙන්‌ දිවා රෑ නොතකා වෙනමම නිලධාරීහු කණ්ඩායමක්‌ සේවයේ නිරතව සිටිති. මෙම සේවාව ක්‍රියාත්මක කරනු ලබන්නේ මහජනතාවගේම සුබ සිද්ධිය සඳහායි. එහිදී එම අංකය අවභාවිතා නොකිරීමේ වගකීම ඇත්තේද මහජනතාවටය. මෙහිදී ඇතැමුන්‌ ඇමතුම්‌ ලබාගන්නේ විනෝදයට, නොදැනුවත්කමට නමුත්‌ ඒ නොදැනුවත්කම තූළ ‘හෝ හිතාමතා ව්‍යාජ තොරතුරු ලබාදීම හරහා ගතවන තාලය තුළ සැබෑවටම 119 පිහිට පතන්නෙකුට එම සේවාව නොලැබීයාහැකිය.

එය අදාළ තැනැත්තාගේ ජීවිතයේ ‘තීරණාත්මක මොහොතක්‌ මගහැරී යාමක්ද විය හැකිය. ඒ වාගේම ඇමතුම්‌ දන්ත සියල්ල එහි සටහන්‌ වන බවද මේ ඇමතුම්‌ දෙන කවුරුන්‌ නමුත්‌ අද වනවිට දන්නා දෙයකි. ඒ අනුව ව්‍යාජ තොරතුරු ලබාදී අමාරුවේ වැටෙන්‌නේ තමන්මය. විශේෂයෙන්ම 119 ට වැඩිපුරම කතා කරන්නේද කාන්තාවන්‌ බව දැනගන්නට ලැබුණි.

ඇතැමුන්‌ 119 ඊට ඇමතුම් ගෙන එම අංකය වැඩ කරකවාදැයි බලන අවස්ථාද තිබේ. ‘හදිස්සියට කතා කරන්න ඔන වුණොන්‌ නම්බර්‌ එක වැඩද කියලයි බැලුවේ.119 මාධ්‍යස්ථානයේ නිලධාරින්ට මෙවැනි අත්දැකීම් සම්භාරයකි. එම අනවශ්‍ය ඇමතුම්‌ නිසා දිනකට “අවශ්‍ය ඇමතුම්‌ විශාල සංඛ්‍යාවක්‌ මගතැරි යන බවද සඳහන්ය. එම ගණන අටදහසක්‌ පමණය.

මම කියන්නේ ආපදාවක්‌, අනතුරක්‌ හා අප_රාධයක්‌ පිළිබඳ තොරතුරක්‌ දැනුම්‌ දීමට පමණක්‌ මෙම දුරකතන අංකය භාවිතා කරන්න. එහෙම නැති වුණොත්‌ 119 දුරකතන අංකයට ව්‍යාජ තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව අපි නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා.” යැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක අජිත්‌ රෝහණ මහතා වැඩිදුරටත්‌ සඳහන්‌ කළේය.

119 දුරකතන අංකය ඔස්සේ වඩාත්‌ ඵලදායී සේවාවක්‌ ලබන්නට නම්‌, එය හඳුන්වා දීමේ අරමුණ හඳුනාගෙන කටයුතු කරන්නට මහජනතාව ලෙස අප කාටත්‌ වගකීමක්‌ ඇත. එමගින්‌ වඩාත්‌ ඵලදායී සේවාවක්‌ ඔබට ලබාගන්නට හැකිවෙනවා මෙන්ම, එම සේවාව හැකි උපරිමයෙන්‌ ලබාදෙන්නට 119ට ද හැකිවනවා ඇත.

දීපා වසන්ති එදිරිසිංහ

Next Post

වසංගතය වැළඳුනු ගැබිනිය බේරාගැනීමට ගත් උත්සහය අවසන් වූ අයුරු - ජිවිතේ අනිත්‍යබවත්, වසංගත නියුමෝනියාවේ දරුණු බව දොස්තර තැබූ සටහන

Fri May 7 , 2021
සිය කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිටි ගැබිනි කාන්තාවක් වසංගත නිව්මෝනියා තත්ත්වය උත්සන්නවීමෙන් පසුගිය 4වැනිදා රාගම රෝහලේදී ජීවි-තක්ෂයට පත්විය. 45 හැවිරිදි එම ගර්භණි කාන්තාව රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මෙරටදී වසංගත වෛරසය ආසාදනයවීමෙන් මි-යගිය පළමු ගර්භනී කාන්තාව ඇය වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඇගේ ම_රණයත් මෙරටේ […]

Breaking News