වසංගත වෛරසය නිසා එකම පවුලේ තිදෙනෙකු නොඑනා ගමන් ගිය කඳුළු කතාව

ශ්‍රී ලංකාවෙන් තවත් වසංගත ආසාදිතයන් 1150ක් හඳුනාගෙන තිබේ. අලුත් අවුරුදු වසංගත පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.

ඉන්දියාව තුළ පැතිර යමින් ඇති වසංගත වයිරස ප‍්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මෙරට තුළ මේ වන විට හඳුනාගෙන ඇති වසංගත ප‍්‍රභේදය ද දිවයින පුරා ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද වෛද්‍ය සමරවීර මහතා සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මෙරට ධීවර ප‍්‍රජාව ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර ප‍්‍රජාවත් සමඟ ගැඹුරු මුහුදේදි සම්බන්ධවීමේ ඇති ප‍්‍රවණතාවක් මතුව ඇති බවත්, මේ හේතුවෙන් මෙරට තුළට ඉන්දියාවේ පවතින වසංගත ප‍්‍රභේදය බෝවීමේ වැඩි ඉඩකඩක් මතුව ඇති බවත් වෛද්‍ය සමරවීර මහතා සදහන් කරයි.

වසංගත වෛරසයේ ප‍්‍රභේදය වෙනස්වීමත් සමග එම වයිරසයේ පැතිරීම වේගවත් වී ඇති අතර එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත තත්ත්වයට පත්වීමේ අවධානම ද මත-ුව ඇති අතර, මේ වන විට ඉන්දියාවේ පැතිර යන්නේ මේ වයිරසයේ තවත් ප‍්‍රභේදයක් බව ද වෛද්‍යවරයා පවසයි.

වසංගත වෛරසය ආසාදිතව අයි.ඩි. එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අමු සැමි යුවළක් ඇතුළු තිදෙනෙක් ඊයේ (3දා) මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 86 ,94 අඹුසැමි යුවළ සහ වයස අවුරුදු 82 කාන්තාවක්ය. මියගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන අතර ඔහුගේ බිරිඳ විශ්‍රාමික හෙදියකි.

මිය ගිය අනෙක් වයෝවෘද්ධ කාන්තාව මියගිය අඹු-සැමි යුවළගේ දියණිය ගේ සැමියාගේ මව බව පොලීසිය කියයි.

ඉකුත් විසි දෙවැනි මොවුන් තිදෙනා අයි ඩි එච් රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර පසුගිය තුන්වැනිදා ඔවුන් තිදෙනාම මියගොස් තිබිණි

මියගිය අඹුසැමි යුවළගේ දියණිය හා ඇයගේ සැමියා මෙන්ම පුතණුවන් ද වසංගත වෛරසය ආසාධිත ව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

මියගිය තිදෙනාගේ අවසන් කටයුතු මුල්ලේරියාව ආදාහනාගාරයේ දී ඊයේ (3) සිදුකර තිබූ බව පොලිසිය කියයි.

Next Post

දිනකට කෝල් 5300ක් සේවය ලබන රෝගීන් 1000කට අධිකයි - සුවසැරියට ජනපති කරන්න හදන දේ මෙන්න

Tue May 4 , 2021
පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් සඳහා වැඩිහිටි මාසික දීමනාව වෙනුවෙන් රු. මිලියන 5727.36ක මුදලක් වෙන්කිරීම සඳහා වූ යෝජනාවන්ට ද ජනතිපතිවරයාගේ එකගතාව හිමි වී ඇති බව එම අමාත්‍යංශය පවසයි. ඒ අනුව, රු. 2,000ක් වූ වැඩිහිටි මාසික දීමනාව සඳහා පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් 238,640 දෙනෙකු වෙනුවෙන් රු. මිලියන 5727.36 ක මුදලක් වෙන් කිරීමට […]

Breaking News