දිනකට කෝල් 5300ක් සේවය ලබන රෝගීන් 1000කට අධිකයි – සුවසැරියට ජනපති කරන්න හදන දේ මෙන්න

පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් සඳහා වැඩිහිටි මාසික දීමනාව වෙනුවෙන් රු. මිලියන 5727.36ක මුදලක් වෙන්කිරීම සඳහා වූ යෝජනාවන්ට ද ජනතිපතිවරයාගේ එකගතාව හිමි වී ඇති බව එම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, රු. 2,000ක් වූ වැඩිහිටි මාසික දීමනාව සඳහා පොරොත්තු ලේඛනයේ සිටින වැඩිහිටියන් 238,640 දෙනෙකු වෙනුවෙන් රු. මිලියන 5727.36 ක මුදලක් වෙන් කිරීමට යෝජිත ය.

1990′ සුව සැරිය ගිලන් රථ සේවය සඳහා අලුතින් ගිලන් රථ 112ක් එක් කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟවී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ, දිවයින පුරා ග්‍රාමීය ප්‍රදේශවල රෝගීන් ප්‍රවාහනය කිරීම පහසු කිරීම සඳහා මෙන් ම ඔවුන්ගේ කටයුතු බාධාවකින් තොරව ඉටුකරගෙන යාම සදහා මෙලෙස සුවසැරිය ගිලන් රථ සේවයට නව ගිලන් රථ එක් කිරීමට නියමිත බවය.

ඒ අනුව, අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.සුව සැරිය ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය 1,394ක් සිටින අතර ගිලන් රථ 297කින් යුක්ත ය.

එම සේවාව සඳහා මේ වන විට දිනකට 5,300කට අධික දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බවත් දිනකට 1,000කට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් රෝහල්ගත කිරීමට දායක වන බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

Next Post

උ.පෙළ විභාගයේ හපන්නු මෙන්න - ටිල්වින් සිල්වාගේ දූවරු දෙන්නාත් පළමු තැනට හා තෙවැනි තැනට?

Tue May 4 , 2021
2020 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා.උසස් පෙළ දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ගණිත අංශයේ ධනරාජ් සුන්දර්භවන් හිමි කර ගෙන තිබෙනවා.ඔහු යාපනේ චාවකච්චේරි හින්දු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. එමෙන්ම කලා අංශයේ චමල්කා සෙව්මිණි ද දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා තිබෙනවා. ඇය ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලයෙනුයි අධ්‍යාපනය හදාරා ඇත්තේ. හොරණ තක්ෂිලා […]

Breaking News