කෝඩුකාර ප්‍රවීන්ගෙන් ශ්‍රී ලංකා වාර්තා දෙකක් – තිසර අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගනී

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ජය ලැබූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට සමත් විය.

ප්‍රවීන්, බග්ලාදේශ පළමු ඉනිමේදී ලකුණු 92 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 86 කට කඩුලු 5 ක් දවා ගනිමින් ලකුණු 178 කට කඩුලු 11 ක් දවාගනිමින් මංගල ටෙස්ට් තරගයේදී වැඩිම කඩුලු දවාගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්විය.

අකිල ධනංජය 2018 වසරේ ඔහුගේ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 44 කට කඩුලු 8 ක් දවාගනිමින් මීට පෙර එම වාර්තාවට හිමිකම් කීය.

විසිදෙහැවිරිදි ප්‍රවීන් පළමු ඉනිමේදී දවාගත් කඩුලු හය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ටෙස්ට් තරගයේදී ඉනිමකදී දක්‍ෂතම පන්දු යැවීමේ වසර 40 ක් පැරණි වාර්තාව බිඳ දැමීමකි.

හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩක උපුල් චන්දන 1999 වසරේ පාකිස්තානයට එරෙහිව ඔහුගේ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 179 කට කඩුලු 6 ක් දවාගනිමින් මීට පෙර වාර්තාවට හිමිකම් කීය

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

තිසර 2013 වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර ඉන් පසුව එක්දින සහ විස්සයි20 තරගවලට අඛණ්ඩව සහභාගි විය. 
ලෝක සීමිත ඕවර ක්‍රිකට් පිටියේ ප්‍රබල ක්‍රීඩකයකු වන 32 හැවිරිදි තිසර එක්දින ජතා්‍යන්තර තරග 166 කදී ලකුණු 5740 ක් රැස්කරමින් කඩුලු 140 ක් දවාගනෙ තිබේ. ඔහු විස්සයි20 ජාත්‍යන්තර තරග 84 කදී ලකුණු 1717 ක් රැස්කරමින් කඩුලු 61 ක් දවාගැනීමට සමත් විය.

Next Post

රිදී තිරයේ ආන්දෝලනාත්මක චරිත මැවූ, නිළි ගයේෂා පෙරේරා දැන් ඇමරිකාවේ ගෙවන සුපිරි ජීවිතයේ ජායාරූප

Mon May 3 , 2021
ගයේෂා පෙරේරා ගැන කිව්වම ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල බෙහෙවින් ජනප්‍රිය වූ කෙනෙක්.ඒ වගේම විවිද කතා පුවත් ද මවමින් විවිධ කාල වලට විවිද දේවල් ඇය ගැන කතා වෙනවා.ගයේෂා එමෙන්ම ඇය හිටපු දෙහිවල ශ්‍රී.ල.නි.ප. කාන්තා සංවිධානයේ සභාපතිනියද වන අතර ශ්‍රී.ල.නි.ප. සමස්ත ලංකා කාන්තා සම්මේලනයේ කාරක සභික ධුරයන් ද උසුලනු ලැබුවා .මෛත්‍රීපාල සිරිසේන […]

Breaking News