උපුල් චන්දනගේ වාර්තාවක් කඩා අලුත් තැරුවක් පායයි – ක්‍රිකට් වළපල්ලට ගිය හැටි මැකෝ හෙළිකරයි

පලමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟයේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු දැක්වූ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය. පන්දුවාර 32ක් යොමු කරමින් ලකුණු 92ක් ලබාදෙමින් බංග්ලාදේ​ශ පලමු ඉනිමේ කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. ඔහු බිඳ දැමුවේ උපුල් චන්දන විසින් 1999 වර්ෂයේ පකිස්ථානයට එරෙහිව තැබූ වාර්තාවකි.

මැතිවරණ කොමසාරිස් ලෙස සිටිය කාලයේදීත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ලෙස සිටිය කාලයේදීත් මහින්ද දේශප්‍රියව ආමන්ත්‍රණය කළේ ‘මැකෝ’ යන නමින්.මැකෝ ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි පුද්ගලයෙක් බව බොහෝ දෙනෙක් දන්නවා. ක්‍රීඩා මාධ්‍යවේදියෙක්, ක්‍රිකට් පුහුණුකරුවෙක් ඇතුළු ක්‍රීඩාව සම්බන්ධයෙන් විවිධ පැතිකඩ ඔස්සේ කටයුතු කරන රන්ජන් පරණවිතාන මහතා නිරෝෂන් දික්වැල්ල පිළිබඳව තැබූ සටනකට මැකෝ සිය මතය ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම පිළිබඳව බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කරනවා. ක්‍රිකට් කඩා වැටීමට එක් හේතුවක් වන්නේ ක්‍රිකට් පුහුණුකරුවන් නිසා බව මැකෝ මෙහිදී සඳහන් කර තිබුණා.

රන්ජන් පරණවිතාන මහතාගේ සටහන

අප හිත මිත්‍ර Sameera Peiris ගේ මේ දුර්ලභ සේයාරුව දික්වැල්ලගේ පිතිකරණය පිළිබඳ හොඳ කතාවක් සිහිපත් කරනවා.ටෙස්ට් ඉනිම 79 කදි දික්වැල්ල තවමත් ටෙස්ට් ශතකයක් ගහල නෑ.පැතුම් නිස්සංක දෙවෙනි ඉනිමෙම ශතකයක් ගැහුවා.දික්වැල්ලට තාම ඒක කරන්න බැරි වුණේ ඇයි කියන එක ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක්.බංග්ලාදේශෙ එක්ක දෙවෙනි ටෙස්ට් තරගෙදි ඔහු එය වාර්තා කරාවි කියල මට හිතනවා.

දික්වැල්ල පන්දුවට පහර දෙන්නෙ එයාගෙම ස්ටයිල් එකකින්. බලන් ඉන්න අය හිතන්නෙ දැන් අවුට් වෙයි දැන් අවුට් වෙයි …! තමන්ගෙ ස්ටයිල් එකේ වරදකින් දිග ඉනිමක් ගහන්නෙ නැහැ කියලයි. මේ ෆොටෝ එක දැක්කමත් හිතෙන්නෙ ටෙස්ට් මැච් එකක ගහන්න ඕන නැති පාරක් කියලයි.

දික්වැල්ලගෙ ඉනිමක් මං ළඟින් හොඳින්ම දැක්කෙ මීට අවුරුදු ගානකට ඉස්සෙල්ල NCC එක්ක බදුරලිය NCC පිටියේ පැවති ප්‍රිමියර් තරගයකදි.මං එතකොට බදුරලිය කෝච්.ඕෆ් ස්ටම්ප් එකෙන් එළියෙ අත අරින්න ඕන බෝලෙකටත් දික්වැල්ල ගහනවා. ලකුණු වලින් වැඩි හරියක් ස්ලිප්, තර්ඩ් මෑන්, කවර්ස් උඩින් ගහපුවා.

අපි එතනින්ම එයා අවුට් කරන්න ප්ලෑන් කළා. හරි ගියේ නෑ. එතනින්ම ගහන එකත් එයා නැවැත්තුවෙ නෑ.අන්තිමේ දික්වැල්ල සීයක්ම ගැහුවා. මට මතක හැටියට ඒ එයාගෙ ෆස්ට් ක්ලාස් පළවෙනි ශතකය.අදත් එයා ගහන්නෙ එහෙම්මයි.වෙනසක් නෑ.

මේ කතාව මං ලියන්නෙ පිතිකරුවෙක් හැදිල තියෙන ස්ටයිල් එකක් වෙනස් කරන්න ඕනත් නෑ. වෙනස් කරවන්න යන්නත් එපා කියන එක කියන්නයි.අද පුහුණුකරුවො ගොඩක් උත්සාහ කරනවා ඕවර් කෝචින් කරන්න.

ඒකෙන් නැති වෙලා ගිය ක්‍රීඩකයො එමටයි.සමහරුන්ගෙ තාක්ෂණයෙ ලොකු දේවල් වෙනස් කරන්න ඕන නෑ. ඔලුව වෙනස් කළා නම් ඇති. චන්දිමාල් , අසේල ගුණරත්න,තමන්ගෙම ස්ටයිල් වලින් ගහද්දි වෙනස් කරන්න, වෙනස් කරවන්න ගිහින් කාලෙකට ආපස්සට ගිය ක්‍රීඩකයො.

අරවින්ද කොට බෝලෙට හුක් කරල අවුට් වෙන කොට සමහරු කිව්වෙ මෑඩ් මැක්ස් කියලයි.ඒත් අරවින්ද හුක් එක නැවැත්තුවෙ නෑ. ඒක එයාගෙ පෙට් ෂොට් එක. එදා ඒක වෙනස් කළා නම් අද අපිට අරවින්ද වගෙ වර්ල්ඩ් ක්ලාස් පිතිකරුවෙක් දකින්න ලැබෙන්නෙ නෑ.

1999 වර්ල්ඩ් කප් එකේ අපි තරග පරදින කොටත් එකම සුද්දො සෙට් එකක් එංගලන්ත තරගවත් නොබල අපේ මැච් බලන්න ආවා.මං ඇහුව ඇයි කියලා. කෙන්ට් ප්‍රාන්තයෙ අරවින්දගෙ මැච් බලපු ඒ කෙන්ට් සුද්දො ටික කිව්වා අපි එන්නෙ අරවින්දගෙ බැටින් බලන්නමයි කියලා.

සනත්ගෙ බැට් ලිෆ්ට් එක වෙනස් කරන්න ගියා නම් සනත්ගෙ ඔය පාරවල් කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ.හෂාන්ට කිව්ව නම් හයියෙන් ගහන්න ඕන කියල ඔය වගෙ සොලිඩ් මිඩ්ල් ඕඩර් බැට්ස්මන් කෙනෙක් දකින්න ලැබෙන්නෙ නෑ.

මුරලිගෙ, ලසිත්ගෙ ඇක්ෂන් වෙනස් කරන්න ගියා නම් කොහොමද? ෆ්‍රන්ට් ඕන් ෆාස්ට් බෝලර්ස්ලා සයිඩ් ඕන් කරන්න බෑ. එහෙම යට භාගෙයි උඩ භාගෙයි මිශ්‍ර කරගත්තු කී දෙනෙක් ඉන්ජරිවලින් බෝලින් අත ඇරල තියෙනවද?

රනප් වෙනස් කළ ස්පිනර්ස්ලා කී දෙනෙක් පස්සෙ බෝලින් අත ඇරලා බැට්ස්මන්ල වෙලා තියෙනවද.? උදාහරණ ඕන තරම්.ඩොමස්ටික් එකේ ඔය වගේ උදාහරණ එමටයි.

ඒත් පාසල් මට්ටමේ ඉඳන් ඉන්ටර්නැෂනල් මට්ටමටම සමහර කෝච්ලා ටූ ස්මාට් වෙන්න ගිහින් ක්‍රීඩකයන්ගෙ ඇක්ෂන්, ස්ටයිල්ස් වෙනස් කරන්න යනවා.හැම පිතිකරුවෙකුටම එකම විදියට ගහන්න බෑ. එයාලගෙ ස්ටයිල්ස් වෙනස්.

කවුරු කොහොම කිව්වත් සුළු වෙනස් කම් කර ගත්තොත් මිසක් තමන් පුරුදු වෙලා තියෙන ක්‍රමේ තමන්ගෙ ක්‍රමේ විය යුතුයි.අඹ ගහෙන් දොඹ බලාපොරොත්තු වෙන්න බැරි බව ප්‍රේක්ෂකයොත් තේරුම් ගන්නව නම් ක්‍රීඩකයො ගොඩක් fb එකේ නිකම් බැණුම් අහන්නෙ නෑ.

Next Post

පි.සි.ආර් කට්ටල ඇත්තේ සති හයකට පමණයි - අද නිකුත් වූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මෙන්න

Sat May 1 , 2021
වෛද්‍ය සැපයුම් අංශය සතුව ඇති පී.සී.ආර්. කට්ටල ගණන ප්‍රමාණවත් වන්නේ සති හයක කාලයකට පමණක් බව ඖෂධ නියාමන, සැපයීම් හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.වසංගත වයිරසය ලෝකය පුරා පැතිර යාම හේතුවෙන් පී.සී.ආර්. කට්ටලවල හිඟයක් නිර්මාණය වී ඇතත් මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සතුව අවශ්‍ය තරම් පරීක්ෂණ කට්ටල ඇති බව අමාත්‍යාංශය […]

Breaking News