පි.සි.ආර් කට්ටල ඇත්තේ සති හයකට පමණයි – අද නිකුත් වූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මෙන්න

වෛද්‍ය සැපයුම් අංශය සතුව ඇති පී.සී.ආර්. කට්ටල ගණන ප්‍රමාණවත් වන්නේ සති හයක කාලයකට පමණක් බව ඖෂධ නියාමන, සැපයීම් හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.වසංගත වයිරසය ලෝකය පුරා පැතිර යාම හේතුවෙන් පී.සී.ආර්. කට්ටලවල හිඟයක් නිර්මාණය වී ඇතත් මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සතුව අවශ්‍ය තරම් පරීක්ෂණ කට්ටල ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

හදිසි තත්ත්වයක් ඇති වුවහොත් තවත් කට්ටල ලක්ෂ තුනක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ගෙන ඒමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට පී.සී.ආර්. කට්ටල සපයන සැපයුම්කරුවන් තිදෙනෙකි. ඔවුන් සමග දෛනිකව කරුණු විමසන බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ගෙවුණු සතිය තුළ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල විසිපන් දහසක් පමණ දෛනිකව වෛද්‍ය සැපයුම් අංශයෙන් රෝහල්වලට මුදාහැර තිබේ. පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක බැංකුවේ කොවිඩ් පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතියට දැනුම් දී තිබේ.

එම ඉල්ලීම යුනිසෙෆ් සංවිධානයට දැනුම් දුන් බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණඩාර පැවසුවේය. කෙසේ වෙතත් පවතින තත්ත්වයන් මත ගැටලු මතු වුවත් පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර කියා සිටියේය.

වසංගත තත්වය හේතුවෙන් මහජනතාව විසින් අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.නව මාර්ගෝපදේශයන්ට අනුව නැවත දැනුම් දෙන තුරු සියලුම සිනමා ශාලා සහ ළමා උද්‍යාන වසා තබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

වසංගත ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සුපිරි වෙළඳසැල් සහ වෙළඳසැල් සඳහාද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.ඒ අනුව, අදාළ වෙළඳසැලට එක් වරකට ඇතුල් කර ගත හැකි උපරිම සංඛ්‍යාව පිටත ප්‍රදර්ශනය කළ යුතු බවයි මාර්ගෝපදේශ වල සඳහන් වේ.

එසේම, වෙළඳසැලේ සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු අතර මීටර් එකහමාරක දුරක් පවත්වා ගත යුතුයි.වසංගත නොවන මරණයක් සිදු වුවහොත් අදාළ දේහය පිළිබඳ අවසන් කටයුතු දේහය රෝහලෙන් ලැබී පැය 24ක් ඇතුළත සිදු කළ යුතු බව එම මාර්ගෝපදේශවල සඳහන් වේ. එමෙන් ම, අවසන් කටයුතු සඳහා සභාගි විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව ද 25කට සීමා කර ඇත.

එම මාර්ගෝපදේශ මාලාව පහතින්.




Next Post

හැදුනු රටට වඩා උපන් රටෙන් ඔලිම්පික් යන ලංකාවේ මැටිල්ඩා - අශ්වයාගේ වටිනාකම කෝටි 15 යි

Sun May 2 , 2021
ඕනෑම කී‍්‍රඩකයකුගේ එකම පැතුම ජීවිතයේ එක් වරක් හෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා සහභාගි වීමය. ඒත් ඒ වරම හිමිවන්නේ කී‍්‍රඩකයන්ගෙන් කීදෙනකුටද? ලොව පුරා කෝටි ගණනින් කී‍්‍රඩකයන් සෑම උදෑසනකම අවදි වන්නේ ඔලිම්පික් සිහින දකිමින් වුවද මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට වරම් ලබන කී‍්‍රඩකයන් ගණන එකොළොස් දහසක් පමණි. ඒ මහඟු විරල භාග්‍යය උදාකර ගන්නට […]

Breaking News