වසංගත රෝගය නිසා හිත් පිත් නැති වූ ගම්පහ මිනිස්සු – බෝඩිමක සිටි 4දෙනෙකුට අත් වූ දුක්බර ඉරණම

ආසාදිතයින් බවට තහවුරුවූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ නැවතී සිටි නවාතැන් පොලකින් ඉවත් කිරීම මත දෙදෙනෙකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීමේ සිද්ධියක් අද (29දා) සවස දැනගන්නට ලැබිණි.

ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනය සේවය කරන කරන මෙම සිව් දෙනා ආසාදිතයින් වීම හේතුවෙන් මෙලෙස යන එනමං නොමැතිවීම මත දෙදෙනෙකු පිටත්ව ගොස් ඇති අතර අනෙක් දෙදෙනා ඔවුන්ට අයත් කාරයක සහ ත්‍රීරෝද රථයක නැගී තානායම අසලට ගොස් මෙලෙස රැඳී සිට ඇත.

මේ බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතාට දැනගන්නට ලැබීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතාගේ මැදිහත්වීමෙන් දෙදෙනා ප්‍රතිකාර පිණිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවත් කාරය සහ ත්‍රීරෝද රථය ආරක්ෂා සහිතව ගාල් කර තැබීමට පුරපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය විය.

නවාතැන් පොලෙන් ඉවත් කළ මෙම ආසාදිතයින් දෙදෙනා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් ආසාදිතයින් දෙදෙනා ආගිය තැනක් සොයා ගැනීමට නොහැකිවූ බවද දැනගන්නට ලැබිණි.

Next Post

ජනාධිපතිගේ මාධ්‍ය ඒකකයේ මුල් පුටු දෙකට පැමිණි සුදේව සහ කිංස්ලිගේ සොදුරු ජිවිතයේ ජායාරූප

Thu Apr 29 , 2021
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපිය භාරගත් සුදේව හෙට්ටිආරච්චි මහතා ඉදිරි සතියේ දී ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා හසල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, නිෂ්පාදකවරයෙකු වූ ඒ මහතා ප්‍රමුඛ මාධ්‍ය […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News