ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියට ඇතුළු වීම තහනම් වෙයි – ඊයේ ගුවන් යානයේ 213න් 23ක් පොසිටිව් – බල පැවැත්වෙන දින වකවානු මෙන්න

දකුණු ආසියාවේ පැතිර යන නව කො_රොනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් අද (29දා) නව ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය.

මෙයට පෙර ඉන්දියානු හා බංග්ලදේශ ජාතිකයන්ට ඉතාලියට ඇතුල්වීම තහනම් කරමින් පැනවූ නීතිය දිගු කරමින් මෙසේ නව ගැසට් නිවේදනයට ශ්‍රී ලංකාවද නම් කර තිබේ.මෙම නීතිය ඉතාලි ජාතික පුරවැසියන්ට බල නොපාන බවත් ඔවුන්ට ඉතාලියට ඇතුල්වීමට හැකියාව තිබෙන බවත් අමාත්‍යාංශය පවසයි.

ඉදිරි දින 15 ක් දක්වා මෙම නීතිය ක්‍රියාත්මක අතර ඉන් අනතුරුව තත්ත්වය සළකා බලමින් ඉදිරි තීරණ ගැනීමට නයමිතය.වැඩිදුරටත් වාර්තා වන පරිදි ඊයේ රාත්‍රී 9.15 ට ඉන්දියාවේ සිට මගීන් 213 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු සමඟ ගුවන් යානය ෆියුමිසිනෝ ගුවන් තොටුපළට ගොඩ බැස ඇති අතර ඉන් 23 දෙනෙකු අසාධිතයින් බවට තහවුරු කර ගෙන ඇති අතර ඔවුන් නිරෝධනය සදහා හෝටල් වෙත පිටත්කර ඇති බවට එරට ගුවන් තොටුපල වාර්තා සදහන් කරයි






Next Post

විවාහ දෙකම අසාර්ථක වුවත් සුරූපී බව තාමත් අඩු නැති සරාගී නිරූපිකාවක් වූ නර්මදාගේ ජායාරූප

Fri Apr 30 , 2021
නර්මදා යාපා අබේවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය මෝස්‌තර නිරූපන ශිල්පිනියක්. රුපවාහිනී වැඩසටහන් නිවේදිකාවක්. කාලයකට කලින් ලංකාවේ ජනප්‍රිය වුන මියුසික් විඩියෝස් ගණනාවකටම රංගනයෙන් දායක වුන තාරකාවියක්. මේ හැමදෙයක් අතරේම ලංකාවේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත ජනප්‍රිය කලා ශිල්පිනියක් විදිහට ඇයව හඳුන්වන්න පුළුවන්. විවාහයෙන් පස්සේ කලා කටයුතුවලින් සම්පුර්ණයෙන්ම වගේ ඈත් වුන නර්මදා […]

Breaking News