මෙරට වයිරසය ස්ථීරවම හඳුනා ගනී – වයිරසය ඇති ප්‍රදේශ මෙන්න

මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වී ඇති බ් 117 සැර විකෘති වයිරස ප්‍රභේදය බව පරීක්ෂණවලදී ස්ථිරයෙන්ම හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

කොළඹ ,බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවලින් හඳුනාගත් ආසාදිතයන්ගෙන් ලබා ගත් සාම්පල සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණවලදී එම සාම්පලවල තිබී මෙම විකෘති වයිරස ප්‍රභේදය හමුවූ බව කී ජීවන්දර මහතා මේ රටේ වෛරසය වේගයෙන් පැතිර යාමට හේතුව එම විකෘති වෛරස ප්‍රභේදය බවට මේ අනුව පෙනී යන්නේ යැයිද ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

මෙම වෛරසය පැතිරීමේ සීඝ්‍රතාව අන් වයිරසවලට සාපේක්ෂව සියයට 50 දක්වා වැඩි වන අතර මින් මරණ ඇති වීම ද සාමාන්‍ය ප්‍රභේදයට වඩා සියයට පනහකින්  පමණ වැඩි යැයි චන්දිම ජවන්දර මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම නව වෛරසය අස්ට්‍රාසෙනිකා එන්නතට තවමත් සංවේදී බවද ඔහු කියයි.

බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තව ඇති සැර වසංගත ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ කොළඹ බොරලැස්ගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවලින් ප්‍රදේශ වලින් ලැබුණු සාම්පල 43 ක් ගැන දීර්ඝව පරීක්ෂණ පැවැත්වීමේදීය.

Next Post

විවාහය අසාර්ථක වී ව්‍යාපාරයෙන් ජයගන්න හදන උදාරි තනිව ගෙවන ජිවිතේ ජායාරූප 25ක්

Wed Apr 28 , 2021
කලා ක්ෂේත්‍රයේ ඉන්න නිහතමානී රංගන ශිල්පිනියක් තමයි උදාරි කෞෂල‍යා කියලා කියන්නේ. ඒ වගේම තමයි පහුගිය දවස් වල ඇය සමාජ මාධ්‍යන් තුලින් නිරන්තරයෙන්ම කතා බහට ලක්වුණා. රංගනයට පුංචි විරාමයක් ලබා දීලා ඇය වෙනස්ම වැඩකට අත ගහලා කියලා අපිට ආරංචි වුණා.ඉතින් ඇය ඇත්තටම දැන් ව්‍යාපාරික කාන්තාවක්. ඉතින් ඇයගේ අලුත්ම තොරතුර ඇය අපිට […]

Breaking News