ලංකවේ හැම තැනම ට්‍රයි කළා – ඒත් බැරි උනා – ICU ඇඳක් නොමැතිව සහෝදරයා නැතිවුනා – වෛද්‍යවරයාගෙන් ජනතාවට ආයාචනයක්

දැඩි සත්කාර ඒකකයක ඇඳක් නොමැතිව මාවනැල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකුගේ සොහොයුරෙකු මියගිය බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අද දිනයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හදිසි කමිටු රැස්වීමේදී විමසු ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

“ලංකාවේ හැම තැනම ට්‍රයි කළා. අපිට දැඩි සත්කාර ඒකකයක ඇඳක් හොයා ගන්න බැරි වුණා,” යනුවෙන් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.

මාවනැල්ල මුලික රෝහලේ කො.විඩ් -19 ආසාදිත පුද්ගලයන් සඳහා ප්‍රථිකාර ලබාදෙන වාට්ටුව භාර වෛද්‍යවරයාගේ සොහොයුරා එලෙස හදිසියේ අසනීප වී මාවනැල්ල මූලික රෝහලට රැගෙනවිත් තිබූ අතර පසුගිය 24 වනදා ඔහු කො.රෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී තිබුණි.

ඊට පසුදින (25) ඔහුට ශ්වසන අපහසුතා සහ සංකූලතා මතුවීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරුවත් එය ව්‍යර්ථ වී ඇත.

පසුව හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් තිබුණි.

ඒ අනුව වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පවතින තත්ත්වය පිළිබඳව ජනතාව මීට වඩා දැඩි සැලකිල්ලක් යොමු කළ යුතු බවය

Next Post

අපට වැරදුනා - අපි ඉන්නේ ඉන්දියාවේ තත්වයට යමින් - දැන් රටේ තත්වය ඉතාම අවදානම් හා බරපතලයි ඇමතිනී සුදර්ශනී - වීඩියෝ සහිතයි

Tue Apr 27 , 2021
වසංගත ව්‍යාප්තිය පාලනයට අලුත් අවුරුද්දට පෙර නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් කණගාටු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අලුත් අවුරුදු සමයට පෙර වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගත්තේ නම්, දැනට උද්ගතව තිබෙන තත්වය ඇති නොවන බවට රජයට චෝදනා එල්ල වන බැවින් ඒ සම්බන්ධව […]

Breaking News