රෝහල් වල වාට්ටු පිරෙයි – රජයේ සේවකයන්ට සතියට දින 2යි රාජකාරි – චක්‍රලේඛයෙන් දැනුම් දෙයි

වසංගත රෝගීනට ප්‍රතිකාර කිරීම සඳහා පිහිටවූ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වසංගත වාට්ටුව සහ වැරැල්ලවත්ත කාන්තා වසංගත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි ඇදන් සියල්ල පිරී පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහල් වාට්ටුවෙහි ඇදන් 13 සහ වැරැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙහි පවතින ඇදන් 120 මෙලෙස පිරී පවති.

එබැවින් ආසාදිතයින් වූවද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් වෙනත් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව රෝහල් ප්‍රකාශිකාවක් සදහන් කළාය.

වැඩිවන වසංගත රෝගීන් ප්‍රතිකාර පිනිස වෙනත් රෝහල් වෙත මාරු කර හැරීමට අමතරව ගම්පහ රෝහලෙහි තවත් වාට්ටුවක් සකස් කිරීමට තීරණය කළ බව අද පැවැති  සාකච්ඡාවකදී තීරණය කළ බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා කියයි.

රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින දෙකක් එනම් මසකට දින අටක් සේවයට වාර්තා කිරීම ප්‍රමාණවත් බව සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද චක්‍රලේඛයක් නිකුත් කළේය.

වසංගත වයිරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා සේවා ස්ථානයන්හි දුරස්ථභාවය ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් රාජ්‍ය ආයතනවලට කැඳවීම සීමා කිරීමට රජය තීරණයක් ගෙන ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ට මසකට උපරිම දින අටක් පමණක් සේවය වාර්තා කිරීමට අවස්ථාව හිමිවන අතර එහිදී ආයතනයට වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් සකස් කරගැනීමේ අවස්ථාව ආයතන ප්‍රධානීන් වෙත ලබා දී තිබේ.

නිලධාරීන් සතියකට දින තුනකට වඩා කැඳවීමේ අවශ්‍යතාවයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් ද ආයතන ප්‍රධානියාට තීරණයක් ගත හැකි බව එම චක්‍රලේඛයේ දැක්වේ.

එලෙස මාසික සේවා මුර සකස් කළ පසු කිසියම් නිලධාරියෙක් සේවයට වාර්තා කළ යුතු දිනයක නොපැමිණෙන්නේ නම් පෞද්ගලික නිවාඩුවලින් එම දිනය අඩු කළ යුතු අතර වෛද්‍ය හෝ වෙනත් හේතු මත සේවා මුර ක්‍රමයට ඇතුළත් කර නොගන්නා නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය පරිදි කටයුතු කළ යුතු බව ද එහි සඳහන් වේ.

සේවාමුර අනුව සේවයට නොකැඳවන දිනයන්හිදී මාර්ගගත ක්‍රමයට සෑම නිලධාරියෙක්ම තම රාජකාරීවල නිරතවිය යුතු වේ.

යම් නිලධාරියකු නිරෝධාය_නයට යොමු කර ඇති අවස්ථාවක ඔවුන්ට එම කාලයේදී සම්පූර්ණ වැටුප් හිමිවන බව ද චක්‍රලේඛයේ සඳහන්ය.

Next Post

ලංකවේ හැම තැනම ට්‍රයි කළා - ඒත් බැරි උනා - ICU ඇඳක් නොමැතිව සහෝදරයා නැතිවුනා - වෛද්‍යවරයාගෙන් ජනතාවට ආයාචනයක්

Tue Apr 27 , 2021
දැඩි සත්කාර ඒකකයක ඇඳක් නොමැතිව මාවනැල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකුගේ සොහොයුරෙකු මියගිය බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි. වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අද දිනයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හදිසි කමිටු රැස්වීමේදී විමසු ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි. “ලංකාවේ හැම තැනම ට්‍රයි කළා. අපිට […]

Breaking News