අපට වැරදුනා – අපි ඉන්නේ ඉන්දියාවේ තත්වයට යමින් – දැන් රටේ තත්වය ඉතාම අවදානම් හා බරපතලයි ඇමතිනී සුදර්ශනී – වීඩියෝ සහිතයි

වසංගත ව්‍යාප්තිය පාලනයට අලුත් අවුරුද්දට පෙර නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් කණගාටු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අලුත් අවුරුදු සමයට පෙර වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගත්තේ නම්, දැනට උද්ගතව තිබෙන තත්වය ඇති නොවන බවට රජයට චෝදනා එල්ල වන බැවින් ඒ සම්බන්ධව අමාත්‍යවරයාගේ අදහස විමසූ මාධ්‍යවේදියෙකුට පිළිතුරු දෙමිනි.

“පළවෙනි දේ තමයි දැනගෙන ක්‍රියා නොකිරීම ගැන මම කණගාටු වෙනවා. දැනගෙන ක්‍රියාත්මක නොකිරීමක් තිබුණේ නැහැ. නමුත් සමාන්‍ය සම්ප්‍රදායක් හැටියට අපි සිංහල අවුරුදු ගිය සැරෙත් නැති නිසා යම් විදිහේ සීමාවන්වලින් එළියට යන්න ඉඩ හැරියා.

මං හිතන්නේ ඒක අපි පිළිගන්න වෙනවා. එය නොකළ හිටියානම් වඩා හොඳ දෙයක්,” යැයි එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

අවුරුදු සමයේදී ජනතාව බුද්ධිමත් ලෙස තම සීමාවන් තෝරාගෙන කටයුතු කළාවි යැයි යන අදහස තිබූ බවත් අවුරුදු සැමරීම් යම් නීත්‍යානුකූල සීමාවන් සහිතව නීති රීති යොදා සිදු කළේ නම්, පවතින තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් ඇති විය හැකිව තිබූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ මේ ආකාරයටයි

‘අපට වැරදීම් වුණා. අපි යමින් ඉන්නේ ඉන්දියාවේ තත්වෙට’ යයි වසංගත පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

සිදුවූ වැරදීම් ගැන දැන් කතා නොකළ යුතු බව ද ඇය සඳහන් කරයි.මේ වන විට මෙරට තත්ත්වය ඉතාම අවදානම් සහ බරපතළ බවද ඇමතිනිය පෙන්වා දෙයි.

දැඩි සත්කාර ඒකක සහ ඔක්සිජන් ශ්‍රී ලංකාවට ද ප්‍රශ්නයක් වනු ඇතැයි ද ඇය කියා සිටී.රට ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව සාර්ථක නොවූ බව ද ඇය සඳහන් කරන්නීය.

විඩීයෝව පහතින් නරඹන්න

Next Post

ධනවතුන් රටින් පැන යද්දි වාහනේ විකුණා ඔක්සිජන් නැති මිනිස්සු 950ක් බේරාගත් ඉන්දියාවේ ඔක්සිජන් මෑන්

Wed Apr 28 , 2021
නොසිතූ විරූ ලෙස ඉන්දියාවේ වසංගත වෛරසය දැඩිව ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇති හෙයින් එරට ධනවතුන් සිය පවුල්වල සාමාජිකයින් සමග පෞද්ගලික ජෙට් යානාවලින් ඉන්දියාවෙන් පළා යමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ ඔක්සිජන්, රෝහල් ඇඳන් සහ ඖෂධ ආදිය හිඟකම හේතුවෙන් ධනවතුන් විශාල වශයෙන් මුදල් වැය කර වෙනත් රටවලට යාම සඳහා ගුවන් […]

Breaking News