රංජන්ට ජනාධිපති සමාව – ලිපිය නාමල් අතට – ගී ගයමින් විනෝදයේ

දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළහොත් ඔහුට ජනාධිපති සමාවක් හිමිවීමට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

රන්ජන් රාමනායකට ලබාදෙන සමාව සම්පූර්ණ සමාවක්ද කොන්දේසි සහිත සමාවක්ද යන්න මෙතෙක් තීරණය කොට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(4) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකදී කවර හෝ වරදකට වරදකරු කරන ලද තැනැත්තකුට සමාව දීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.

රන්ජන් රාමනායක සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් පවසා තිබුණේ ඔහුට සමාව ප්‍රදානය කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ලදොත් ඉන්පසුව ඒ ගැන සලකා බැලිය හැකි බව ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දන්වා තිබිණි.

ඒ අතර රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට ඇමැති නාමල් රාජපක්ෂ පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගියේය. එහිදී තමන් දෙන ලිපියක් ජනාධිපතිතුමාට බාරදිය හැකිදැයි නාමල් අමාත්‍යවරයාගෙන් රන්ජන් විමසා ඇත.

ඒ අවස්ථාවේ අමාත්‍ය නාමල් රන්ජන්ට කියා තිබුණේ එවන් ලිපියක් තමන් හරහා නොව බන්ධනාගාර බලධරයන් මගින් ජනාධිපතිතුමාට යොමු කරන ලෙසය.

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නැවත වතාවක් සිරගෙදර තුළ ප්‍රීතියෙන් යුතුව කල්ගත කරන බව දැනගන්නට ඇත.

‍ඒ අනුව මේ දිනවල රන්ජන් රාමනායක මහතා අනෙක් සිරකරුවන් සමග එක්ව ගී ගයමින් විනෝදයෙන් සිටින බව වාර්තා වේ.

කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළ ඒ මහතා දැඩි කලකිරීමකින් යුක්තව කල් ගත කර තීබූ බවක් මාධ්‍ය වාර්තා කර තිබිණ.

මේ වනවිට රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා සමගි ජන බලවේගය ජනාධිපතිවරයා වෙත පොදු සමාවක් ඉල්ලා ලිපියක් යොමු කිරීමටද සැලසුම් කොට ඇත.

මේ සම්බන්ධයෙන් ‍රන්ජන් රාමනායක ෆේස්බුක් පිටුවේ පලකල සටහනක් පහතින්.

Next Post

සියළුම පාසල් - පෙර පාසල් - පිරිවෙන් වසා දමයි

Mon Apr 26 , 2021
බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙම 30 වැනි දා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පවසයි. වසංගත පැතිරයාමේ අවධානම හේතුවෙන් එලෙස මෙම සතියේ පාසල් වසා තැබෙන බව ද අමාත්‍යවරයා කියයි. එම පළාත්වල පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීන්දුවක් […]

Breaking News