නුවරඑළියේ – කතරගම දැන් තත්වය මෙන්න – ජායාරූප සහිතයි

කො_විඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍ය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලිය (24) දිනයේ විශාල දේශිය සංචාරකයන් පිරිසක් පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය මහ නගර සභාව විසින් මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමිව (24) දිනයේ තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

නුවරඑලිය ග්‍රෙගරි වැව ආශ්‍රිතවද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැදි සිටි අතර, නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන සැණකෙලියද දිනපතා පස්වරු 6 සිට පවත්වන බවයි සංවිධායක කමිටුව පවසන්නේ.

නුවරඑලිය නගර සභා සිමාවේ පිහිටි නිවාඩු නිකේතනද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන්ගෙන සිටින බවද පැවසේ.

මේ වන විට කතරගම ප්‍රජා භූමියේද බැතිමතුන් විශාල පිරිසක් පැමිණ ඇති බවයි කතරගම වාර්තකාරු පැවසුවේ.
සෞඛ්‍ය අංශ කළ ඉල්ලීම් නොතකමින් විශාල පිරිසක් අදින් ඇරඹූ සති අන්ත නිවාඩුවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින බව වාර්තාකරුවන් පවසනවා. ඊයේ දිනයේ විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්මින් යුද හමුදාපතිවරයා ඇතුලු සෞඛ්‍ය ප්‍රධානීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ විශේෂයෙන් මෙම සති අන්ත නිවාඩුවේ අනවශ්‍ය ගමන් බිමන්වල නිරත නොවන ලෙසයි.

නුවරඑළිය නගරයට ජනතාව රැස් වූ අයුරු ජායාරූප පහතින්




මේ කතරගම පූජා භූමියට පැමිණි සිටි බැතිමතුන්ගේ ජායාරූප පහතින්



Next Post

ඉදිරි සති තුන තීරණාත්මකයි - දිස්ත්‍රික්ක 3 අධි අවදානම් - හමුදාපතිගේ විශේෂ නිවේදනය මෙන්න

Sat Apr 24 , 2021
කොළඹ, ගම්පහ සහ කුරුණෑගල වසංගත අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණ සැලකිල්ලට ගෙන මෙලෙස ප්‍රකාශයට පත් කළ බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. රටපුරා වසංගතය සීග්‍ර ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති බවත් මේ තත්ත්වය යටතේ […]

Breaking News