හදිසි අනතුරෙන් මිය­ගිය මාවනැල්ලේ තරු­ණ­යාගේ පිහිටෙන් තවත් තිදෙනෙකු ජීවය ලබයි

හදිසි අන­තු­ර­කට ලක්ව ත්‍රිකු­ණා­ම­ලය රෝහලේ දැඩි සත්කර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මොළය මිය­ගිය බවට වෛද්‍ය­වරු විසින් තහ­වුරු කළ 19 හැවි­රිදි තරු­ණ­යෙ­කුගේ අක්මාව හා වකු­ගඩු දෙක මර­ණා­ස­න්නව සිටි රෝගීන් තිදෙ­නෙ­කුට බද්ධ­කර ඔවුන්ගේ ජීවිත බේරා ගැනී­මට වෛද්‍ය­වරු කණ්ඩා­ය­මක් ඊයේ (20) සමත්ව තිබේ..

අක්මා බද්ධය කොළඹ ජාතික රෝහ­ලේද වකු­ගඩු බද්ධ කිරීම් දෙක මහ­නු­වර ජාතික රෝහ­ලේදී සහ අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලේදී සිදු­කර ඇත.

මෙලෙස රෝගීන් තිදෙ­නෙ­කුගේ ජීවිත බේරා ගැනීම සඳහා ශරීර අව­යව ලබා­ගෙන ඇත්තේ මාව­නැල්ලේ පදිංචි පසිඳු ගිම්හාන් රත්නා­යක නැමැති තරු­ණ­යා­ගෙනි.

මාව­නැල්ල හෙම්මා­ත­ගම පදිංචි මෙම තරු­ණයා තම මව,නග­ණිය හා ඇගේ දරු­වන් සමඟ මිත්ත­ණිය බැලී­මට ත්‍රිරෝද රථ­ය­කින් ත්‍රිකු­ණා­ම­ළය බලා 16 දා ගමන් ගනි­මින් සිටි­යදී ඔහු පැදවූ ත්‍රිරෝද රථය නවතා තිබූ වෑන් රථ­යක ගැටී ඇත.ඉන් බර­ප­තල තුවාල ලත් තරු­ණයා ප්‍රති­කාර සඳහා ත්‍රිකු­ණා­ම­ළය රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

දැඩි සත්කාර ඒක­කය තුළ යන්ත්‍ර මගින් හෘද ස්පන්ධ­නය පව­ත්වා­ගෙන යද්දී තරු­ණ­යාගේ මොළය මිය­ගිය බව වෛද්‍ය­වරු තහ­වුරු කිරී­මෙන් පසු ඔහුගේ අක්මාව හා වකු­ගඩු දෙක තවත් ජීවිත තුනක් බේරා ගැනීම සඳහා පරි­ත්‍යාග කිරී­මට මව කැමැත්ත පළ­කර ඇත.

ඒ අනුව ත්‍රිකු­ණා­ම­ළය රෝහලේ වෛද්‍ය­ව­රුන්ගේ දැඩි කැප­වීම මත තරු­ණ­යාගේ අව­යව ඉවත් කිරීමේ ශල්‍ය­කර්ම සිදු කිරී­මෙන් පසු අක්මාව කොළඹ රෝහ­ල­ටත් වකු­ගඩු මහ­නු­වර හා අනු­රා­ධ­පුර රෝහල් වල­ටත් කඩි­න­මින් රැගෙන ගොස් අදාළ බද්ධ කිරීම් සිදු­කර තිබේ.

මහ­නු­වර ජාතික රෝහලේ අව­යව බද්ධ කිරීම් අංශයේ සම්බ­න්ධී­කා­රක වෛද්‍ය අරුණ අබේ­සිංහ,ඒක­කය භාර හෙද නිල­ධාරී අනුර රත්නා­යක,සම්බ­න්ධී­ක­රණ හෙද නිල­ධාරී ආර්.එම් ජය­ව­ර්ධන යන මහ­ත්වරු මහ­නු­වර ජාතික රෝහ­ලට වකු­ග­ඩු­වක් ගෙන ඒමෙන් පසු එය 33 හැවි­රිදි පුද්ග­ල­යෙ­කුට බද්ධ කිරීමේ සැත්කම විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය පී.ආර් හරි­ශ්චන්ද්‍ර මහතා විසින් සිදු­කර ඇත.

කොළඹ ජාතික රෝහලේ අක්මා බද්ධය විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය­ව­රුන් වන රුවන් දිසා­නා­යක සහ රොහාන් සිරි­සේන යන මහ­ත්වරු විසින්ද අනු­රා­ධ­පුර රෝහලේ වකු­ගඩු බද්ධය විශේ­ෂඥ වෛද්‍ය අවන්ත මාර­සිංහ මහතා විසින්ද සිදු­ක­රනු ලැබ තිබේ.

Next Post

ප්‍රංශ වීදියක සිංහ නාද කළ සිංහල යුවතිය

Sat Apr 24 , 2021
දිනය පසුගිය 16 වැනිදාය. එදින පැරීසියේ එක් වීදියක ඇවිද යන ශ්‍රී  ලාංකික කාන්තාවක් එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ ඩයස්පෝරාවේ කිහිපදෙනකු සමඟ වාග් සංග්‍රාමයක් ඇති කර ගත්තේ ශ්‍රී  ලාංකික පුරවැසියකු සතු වගකීම මැනවින් වටහාගෙනය.  පැරීසියේ ෂැරොන්තොන් ලුපොන් නගර සභාව (Cheventon le – pont) ඉදිරිපිටදී සිදු වූ මේ වාග් සංග්‍රාමයට හේතුවන්නේ අපේ රටට එරෙහිව ඒ […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News