විදෙස්ගතව සිට පැමිණෙන අයට විශේෂ දැනුම්දීමක්

ශ‍්‍රී ලංකාව තුළ පැතිර යන නව ප‍්‍රභේදය වාතයෙන් ද බෝවන්නේ යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවැත්වු වසංගත රෝග පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡුාවට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

මීට පෙර වාර්තා වු ආසාදිතයින්ට වඩා මේ මොහොතේ වාර්තා වන ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල යම් යම් වෙනස්වීම් දක්නට ලැබෙන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.එම වෛරසය වාතය මඟින් බෝවීමක් පෙන්නුම් කරන නිසාවෙන් වෙනදාට වඩා මුව ආවරණ සැලකිලිමත්ව පැළඳීම වැදගත් බව ද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

ඒ අනුව මිට පෙර විදේශ ගතව සිට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව දින 07ක් ලෙස දක්වා තිබුනද එය දින 14ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.

මේ වන විට ව්‍යාප්තවන වෛරස් ප්‍රභේදයන් හි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14ක කාලයක් ගතවන බවට වෛද්‍යවරුන් සඳහන් කර ඇති නිසා මෙම තීරණය ගෙන ඇති බවත් ඔහු පැවසීය.

Next Post

වසර 15 සේවයට නොගොස් පඩි අරන් - රජයට පාඩුව කෝටි 12 කටත් වැඩියි

Fri Apr 23 , 2021
සේවයට වාර්තා කළත් ‘ගන්න පඩියට වැඩක් නොකර නිකම්ම කාලය කා දමා ගෙදර යන’ ඇතැම් නිලධාරීන් ගැන, ඇතැම් රටවල ජනතාවගෙන් නිතර දෙවේලේ චෝදනා මතු වීම අලුත් පුවතක් නොවේ.නමුත් මෙම පුද්ගලයා වසර 15ක් තිස්සේ රාජකාරියට වාර්තා කිරීමක් හෝ සිදුකර නැතැයි පැවසේ. නමුත් වැටුප් ලබා ඇති බවට චෝදනා එල්ලවේ. මෙම අපූරු පුවත වාර්තා […]

Breaking News