රට වහනවාද? හමුදාපතිගේ තීරණය – ඉදිරි දිනවලදී ආසාදිතයින් තවත් ඉහළයාමේ අවදානමක්

මෙම අවස්ථාවේදී රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

රෝගීන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ වසා දැමීම මේ වන විටත් සිදුකර ඇති බව කී හමුදාපතිවරයා රෝග ව්‍යාප්තිය අනුව ගත යුතු පියවර ගන්නා බව ද කීවේය.

ඉදිරි දිනවලදී ආසාදිතයින් තවත් ඉහළයාමේ අවදානමක්ඇති බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආරක්ෂා වන්නැයි ජනතාවට දැනුම් දෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

සති අන්තයේ නිවෙස්වල සිටින ලෙසත්, සංවිධානය කර ඇති චාරිකාවල නිරතවීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී හමුදාපතිවරයා ආසාදිතයකුවීමෙන් වැළකී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.

අවුරුදු සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව කී යුද හමුදාපතිවරයා පොදු ප්‍රවාහන සේවාවල ද වැඩි වශයෙන් පිරිස් ගමන් කිරීම ආදියත් මෙයට හේතු වූ බව සඳහන් කළේය.

එබැවින් ඉදිරි දිනවලදී ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස ද හමුදාපතිවරයා ඉල්ලීමක් කළේය.

Next Post

තෙවැනි රැල්ලට ඇවිත් - අද දවසේ දැනට 796ක් අසාධිතයින් - වැදලා ඉල්ලනවා අපි මේක නවත්වමු - සෞඛ්‍ය ඇමති පවිත්‍රා

Fri Apr 23 , 2021
ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ වෛරසයේව්‍යාප්තිය පාලනය කිරීම සදහායි මේ අතරආසාදිතයින් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශයෙන් හුදකලා කිරිමටද පියවර ගන්නා බවයි ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.ළමයින් අතරද වෛරසය ශරීරගත […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News