අද සිට මැයි 31 දක්වා රටේ නව සෞඛ්‍ය පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය මෙන්න

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින නව වෛරස් ප්‍රභේදය, පැරණි ප්‍රභේදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන තත්ත්වයක් පෙන්නුම් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළාය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවැසුවාය.එක් අයෙකුගෙන් පස් හය දෙනෙකුට මෙම වෛරසය බෝවන බවත් තරුණ අයට බෝවීමද වැඩි බවත් ඇය අවධාරණය කරයි.කලින් ප්‍රභේදවලදී රෝග ලක්ෂණ නොපෙන්වුවත් නව ප්‍රභේදයෙන්දී රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව අද (23) සිට 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.එම නිවේදනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැකවේ,



Next Post

විදෙස්ගතව සිට පැමිණෙන අයට විශේෂ දැනුම්දීමක්

Fri Apr 23 , 2021
ශ‍්‍රී ලංකාව තුළ පැතිර යන නව ප‍්‍රභේදය වාතයෙන් ද බෝවන්නේ යැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය.රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවැත්වු වසංගත රෝග පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡුාවට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය. මීට පෙර වාර්තා වු ආසාදිතයින්ට වඩා […]

Breaking News