සමිතා සහ චිරන්තව පුදුම කරමින් පලවෙනි විවාහ සංවත්සරය ප්‍රේමනීයව සමරපු හැටි – ඡායාරූප සහිතයි

ජනප්‍රිය සහ ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව කියන්නේ ආදරණීය හඬක් හිමි ගීත ගොන්නකම හිමිකාරියක්. ඉතින් ඇය දැන් විවාහ වෙලා ඉන්නේ චිරන්ත කියන, ටික්ටොක් හරහා ජනප්‍රිය වුනු තරුණයෙකු සමඟයි.ප්‍රසංග වේදිකාවට මෙන්ම සංගීත ක්ෂේත්‍රයටත් නැතුවම බැරි ප්‍රවීණ ගායන ශිල්පිනියකි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඉතින් සමිතා පහුගිය දවස් වල සමාජ මාධ්‍යවල වැඩිපුරම කතාබහට ලක්වූ චරිතයක්. ඒ පහුගිය කාලේ හැමොගේම වැඩිපුර කතා බහට ලක්වූ ආන්දෝලාත්මක පුවත තමයි ඇය ලාබාල පෙම්වතෙක් සමගින් විවාහවීමේ සිද්දිය. ඉතින් මේ විවාහය සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනා විවිධ මත දැරුවා.

සමහර අය ඔවුන්ට බැන්නා, සමහරෙක් ඔවුන්ව අගය කරා.මේ දෙන්නාගේ සම්බන්ධය සමාජ මාධ්‍ය තුළ යම් කැළඹීමක් ඇති කළා වුණත් වරින් වර ඒ දේවල්වලට උත්තර දෙන්නත් චිරන්ත කටයුතු කළා. ඉතින් ඒ හැම දේකටම මුහුණ දුන්න සමිතයි චිරන්තයි කියන්නේ දැන් ආදරවන්තයන්. ඉතින් මේ දෙන්නා විවාහ වෙලා අදට අවුරුද්දක් ගත වෙලා තියනවා. ඉතින් මේ දෙන්නාගේ පලවෙනි විවාහ සංවත්සරය ජයටම සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.පසුගිය දවසක චිරන්ටත් සමිතාටත් අපූරූ පුදුම කිරීමක් ලැබුණා. ඒ ගැන කියමින් සමිතා මුහුණු පොතේ සඳහන් කරලා තිබුණේ, Thanks kavi baba and shane baba යනුවෙනුයි.මේ දෙන්නගේ වයස් පරතරය සාමාන්‍ය ආදරවන්තයන්ගේ වයස් පරතරයන්ට වඩා ගොඩක් වෙනස්.

ඒවා කොහොම උනත් චිරන්ත සමිතාට තියන ආදරේ ගැන පසුගිය දවසක හරි අපූරු කතාවක් කියලා තිබුණා. ඉතින් සමිතටයි ඔහුටයි එක එක විදිහේ කතා කියන අයට චිරන්ත උත්තර දීලා තිබ්බේ මෙන්න මේ විදිහටයි. බොහොම සුන්දර හමුවීමක් අපි දෙන්නගේ හමුවීම. හීනයක් වගේ. ඒ හමුවීමට මම ගොඩක් ආදරෙයි. තාමත් මට අදහා ගන්න බෑ. මම මැරෙනකන්ම ආදරෙයි. එයාව මට හම්බුනේ ටික්ටෝක් නිසා. කවුරු මොනවා කිවුවත් සමිතයි මායි හැමදාම ආදරෙන් ජීවත් වෙනවා. කවුරු කොහොම මොනවා කිවුවත් කිසි දෙයක් මට අදාල නැහැ. මම සමිතාට ආදරෙයි නම් සමිතා මට ආදරෙයි නම් මිනිස්සු කියන දේවල් මට චුට්ටක්වත් අදාල නෑ. මැරෙනකන්ම මම සමිතාට ආදරේ කරනවා. අපිට බනින කට්ටිය මන් දන් නෑ කියලයි චිරන්ත කියලා තිබුනේ. ඉතින් මේ ආදරණීය යුවලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

1#

2#

3#

4#

5#

6#

7#

8#

9#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

26#

27#

28#

29#

30#

Next Post

රට වහනවාද? හමුදාපතිගේ තීරණය - ඉදිරි දිනවලදී ආසාදිතයින් තවත් ඉහළයාමේ අවදානමක්

Fri Apr 23 , 2021
මෙම අවස්ථාවේදී රට වසා දැමීමක් හෝ සංචරණ සීමා පැනවීමක් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. රෝගීන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ වසා දැමීම මේ වන විටත් සිදුකර ඇති බව කී හමුදාපතිවරයා රෝග ව්‍යාප්තිය අනුව ගත යුතු පියවර ගන්නා බව ද කීවේය. ඉදිරි දිනවලදී ආසාදිතයින් තවත් ඉහළයාමේ අවදානමක්ඇති බැවින් […]

Breaking News