රාජ්‍ය ඇමති එක්ක වැඩ කරන්න බෑ – සභාපති ඉල්ලා අස්වෙමින් අගමැතිට යවපු ලිපිය

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.ඉල්ලා අස්වීම ගැන සඳහන් කරමින් රේණුක පෙරේරා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ, විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාගේ බලපෑම් හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවය.

නිවාස සංවර්ධන අධිකාරියේ වැඩබලන සාමාන්‍යාධිකාරි තනතුරට විගණන පරීක්ෂණයකින් වැරදිකරුවෙකු බවත් පත්වූ පුද්ගලයෙකු පත්කිරීමට දිගින් දිගට ම බලපෑම් කිරීම සම්බන්ධයෙන් තමන් අවස්ථා කිහිපයකදී ම එකඟ නොවූ බව රේණුක පෙරේරා මහතා පවසයි.

ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ ලේකම්වරයාව දැනුවත් කළ බව ද ඔහු යැවු ලිපියේ සඳහන් වේ පොදු ජන පෙරමුණේ භාණ්ඩාගාරිකද වන රේණුක පෙරේරා.තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ප‍්‍රසිද්ද කර ඇති අදාල ලිපිය මෙසේය.


Next Post

වයෝවෘද්ධ පියාට ඉදළෙන් සලකපු දියණියට වුන දේ - වීඩියෝ සහිතයි

Tue Apr 20 , 2021
සමාජ ජාල මාධ්‍ය අද කාලයේ ගොඩක් ජනප්‍රිය තොරතුරු බෙදා හදා ගන්න අපට තියෙන එක් පහසුකමක්.ඒ අතරින් ගොඩ දෙනෙක් ෆේස්බුක් හි යාවජීව සාමාජිකයින් වී දැනටමත් හමාරයි. ෆේස්බුක් ගිණුමක් නැති අයෙක් අද හොයාගන්නත් අමාරුයි. ඉතින් ඒ අය පලකරන දේ නිසා සමහර වෙලාවල් වලට අප නොදන්නා කරුණු රැසක් දැනගත හැකි අතර අද දිනයේ […]

Breaking News