කිසිම ප්‍රමිතියක් නැහැ – බොන ගිනි වතුරත් දැන් ශුවර් නෑ

රස පරීක්ෂක ප්‍රධානී මේ ගැන සැක කළේ අවුරුද්දකට කලින් දිවයින පුරා රථවාහන මෙහෙයුම්වලින් සිංහල අලුත් අවුරුදු දිනය තුළ බී ම ත්ව රිය පැදවූ රියැදුරන් 758 දෙනකු අත් අඩංගුවට පත් වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.පොලිසිය බී ම ත් රියැදුරන් පසුපස හඹා ගියත් මේ රියැදුරන් පානය කළ ‘ම ත්පැ න්’ නිසි ප්‍රමිතියේ ඒවාදැයි පරීක්ෂණයකට යොමු කරන්නේ නැත.

වි ෂ පොල්තෙල්, වි ෂ කිරිපිටි ගැන හතර වටෙන් ප්‍රවෘත්ති වාර්තා වුණත් ලංකාවේ ම ත්පැ න් කියා බො න බෝ තලයේ හෝ බි ය ර් කෑ න් එකේ ඇත්තේ මොන හත් ඉලව්වක් දැයි හොයන්නට කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ පෞද්ගලික ආයතනයක් නැත.

මුහුණු පොතේ එක් අයකු සටහනක් තබා තිබුණේ බය නැතිව දැන් පානය කළ හැකි එකම දෙය ම ත්පැ න් පමණක් බවය.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ‘ව ස’ පොඩ්ඩක් කෑවට කමක් නෑ යැයි කියූ කතාවත් කරළියට ආවේ වි ස පොල්තෙල් ආනයනය හසුවීමත් සමගය. මේ කියන ප්‍රමිති ආයතනයම අ ර ක්කු වලට ප්‍රමිතියක් හදන්නට යන බවට ප්‍රවෘත්තියක් පළවූයේ මීට වසරකටත් කලියෙන් පසුගිය වසරේ ජනවාරි 26 වැනිදාය.

ඒ ප්‍රවෘත්තිය මෙසේය,

‘‘ශ්‍රී ලංකාවේ අ ර ක්කු වල තත්ත්වය බාල වී ඇත්තේ අර ක්කු වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා නිසි මිනුම් දණ්ඩක් නොමැති වීම නිසා බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානි සමන්තා විමලසේන මහත්මිය පවසයි. අර ක්කු වල ප්‍රමිතිය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිසි ප්‍රමිතිකරණයක් මේ වන විට සකස් කරමින් සිටින බවද සමන්තා මහත්මිය සඳහන් කරයි. මාධ්‍යවල පසුගියදා සඳහන් වූ අ රක්කු වල රසයේ වෙනසක් සිදු වී තිබෙන්නේ අ ර ක්කු නිෂ්පාදකයන් කෘත්‍රිම ර අ ඇතුළු වි ෂ කා රක දේ ඊට ඇතුළු කරන නිසා බවත් එම මහත්මිය පැවසුවාය.

අ ර ක්කු වල ප්‍රමිතිය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නියාමනය කරන්නේ නැති බවත්, ඇතැම් විට ඒවායේ වි ෂ තිබිය හැකි බවටත් ඇය තවදුරටත් පවසයි. ලංකාවේ එ ත නෝ ල් භාවිතයෙන් අ ර ක්කු නිෂ්පාදනය කරන නිසා ඒවායේ ප්‍රමිතිය අඩු වී ඇතැයි කියන කතා මතවාදයක් පමණක් බව සෙවණගල හා පැල්වත්ත සීනි සමාගම්වල නියෝජිතයෝ ඒ පිළිබඳ විමසීමේදී කියා සිටියහ. අපේ රටේ එ ත නෝ ල්වල ප්‍රමිතියේ කිසිම අඩුවක් නැති බවත් ඔවුහු සඳහන් කර සිටියහ.

”ඒත් ඉතිං අවුරුද්දක් ගත වුණත් ප්‍රමිති කාර්යාංශය හදපු ‘ම ත්පැ න් ප්‍රමිතියක්’ නැත. දැන් ප්‍රශ්නය වී ඇත්තේ සුපර් මාකට්වල හෝ පාර අයිනේ ව යි න් ස්ටෝස්වල විකුණන්නට තියෙන බෝ ත ල් වල වි ස ද්‍රව්‍ය තිබේදැයි ඔප්පු කරන්නට පරීක්ෂා කරන්නට කිසිවකු ඉදිරිපත් නොවීමය.

මෙහි වඩාත් අර්බුදකාරී තත්ත්වය වන්නේ කිසිදු ම ත්පැ න් බෝ තල යක ඇතුළේ ඇති සංඝටක මොනවාදැයි බෝ ත ලේ හෝ කවරයේ සඳහන් නොවීමයි. ඊටත් වඩා මේ කිසිදු ම ත්පැ න් වර්ගයක කල් ඉකුත්වන දිනයක් සඳහන් නොවේ. ඊටත් වඩා මේ ම ත්පැ න් සමහර ඒවායේ ලේබලයේ ඇත්තේ එක මිලක් වන අතර කරේ මුද්‍රණය කොට ඇත්තේ ඊට වැඩි මිලකි.

පොල්තෙල්වල කිරිපිටිවල වි ස හොයන කිසිවකුට මෙරට ම ත්පැ න්වල වි ස තිබේදැයි සොයන්නට මතක් වූයේ නැත.

සු රා බදු දෙපාර්තමේන්තුව කවදත් ආඩම්බරයෙන් කියන්නෙ තමන් රජයට එකතු කර දුන් සු රා බදු ආදායමේ මිලියන ගණන ගැනය. ඒත් සු රා බදු දෙපාර්තමේන්තුව තවදුරටත් මෙරට පොදු ජනතාව පානය කරන නීත්‍යනුකූල ම ත්පැ න්වල ඇති ප්‍රධාන සංඝටක හෝ ඒවායේ වසක් වේදැයි බලන්නට පරීක්ෂණයක් කළ බවට වාර්තා නොවේ.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මේ ම ත්පැ න්, බි ය ර්වල ඇත්තේ කවර නම් සංඝටක දැයි කිසිදු සොයා බැලීමක් කරන්නේ නැත. මේ රටේ ආහාර පරිපාලන හා පාලන මණ්ඩලය ආදී හැටහුටාමාරක් මණ්ඩල, දෙපාර්තමේන්තු තිබ්බත් ම ත්පැ න්වල ප්‍රමිතිය ගැන මෙලෝ වගක් නැත.

රටේ ජනතාවගෙන් 30% කට වඩා ම ත්පැ න් භාවිත කරන බවට අද ඔප්පු වී හමාරය. ජනතාව මේ බො න ම ත්පැ න් නිසා වකුගඩු රෝගීන් හා විශේෂයෙන් සිරෝසිස් රෝගීන් ප්‍රතිශතය එන්න එන්නම වැඩි වුණත් ජනතාව මේ රජයට බදු ගෙවා පානය කරන නීත්‍යනුකූල ‘ම ත්පැ න්’ සෞඛ්‍යරක්ෂිතව ඇත්දැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වී කළ පරීක්ෂණයක් නැත.

ලංකාවේ ම ත්පැ න් ලෝලීන්ගේ ජනප්‍රියම වර්ගය වන්නේ ‘ගල් අ ර ක්කු’ නමින් හැඳින්වෙන වර්ගයයි. 2017 දී අයවැය විවාදයකදී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පාර්ලිමේන්තුවේදී කියන ලද්දේ සාමාන්‍ය ජනතාව ක සි ප්පු බී මෙන් නවත්වා ගැනීමට ග ල් අ ර ක්කු බෝ ත ලය රුපියල් දහස දක්වා අඩු කළ යුතු බවය.

අද ග ල් අ ර ක්කු බෝ ත ලයක මිල රු. 1640 කි. මේ බෝ ත ලයකට සු රා බදු දෙපාර්තමේන්තුව රු. 830 ක බද්දක් අයකරන අතර වැට් බද්ද ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රු. 120 ක්ද ඔය කියන බදුවලට අමතරව 28% ආදායම් බද්දක්ද අය කෙරේ. මේ අනුව ග ල් අ ර ක්කු බෝ තල යක් විකුණන රු. 1640 න් රුපියල් 1000 ක්ම ඇත්තේ ආණ්ඩුවේ බදුය.

පසුගිය කොවිඩ් සමය තුළ දින 68 ක් මෙරට බා ර් වසා දමන ලදී. බා ර් නැවත විවෘත කිරීමෙන් පසු දින 15 ක් තුළ ලැබූ ලාභය රුපියල් කෝටි 200 කි. ඒත් ආණ්ඩුවේ ප්‍රමිති ආයතනයටවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් ඔය කියන මොන ආයතනයකටවත් ‘ම ත්පැ න්’ කියා පොදු ජනතාව බො න්නේ ව ස දැයි සෙවීමට ගියේ නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක කලකට ඉහත තිබුණේ ලංකාවේ එක් පුද්ගලයෙක් වසරකට ම ත්පැ න් ලීටර් 2.5 සිට 4.9 දක්වා පා නය කරන බවය. මේ වාර්තාවට නීති විරෝධී ම ත්පැ න් අයත් නොවන අතර මේ සංඛ්‍යා ලේඛන ගොඩනගා ඇත්තේ රටේ ජනගහනයෙන් බෙදීමෙන් පසුව, අහඹු ලෙස විනා විය යුතුය.

බොහෝ දෙනා අසන්නේ ව ස කියලා දැනගෙන බොන අ ර ක්කු වලට මොන ප්‍රමිතියක්ද කියාය. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ සංස්කෘතිය තුළ ම ත්පැ න් බීමේ ‘කල්චර්’ එකක් නොමැති වීමය. දැන් ඔය අපේ රටේ වගේ අ ර ක්කු බෝ තලේ ‘ක ටේ’ තියා ග හන ‘වා ඩි ෂෝ ට්’ ම ත්පැ න් බී මේ සංස්කෘතිය නැත. බොහෝ යුරෝපීය රටවල ම ත්පැ න් යනු කෑම අනුභවය සමග පා න යට ගන්නා සාමාන්‍ය පා න යකි.එහිදි සැ ර අ ඩු ම ත්පැ න් පා නය සුලබ වන අතර ලංකාවේ සංස්කෘතිය වන්නේ කරටි කැඩෙන්නට අ ර ක්කු බී මයි.ඒ බො න්නේ ද සැ ර වැ ඩි ම ත්පැ න් නිසා සිදුවන හානිය වැඩිය.බී ම ත්ව රිය පැදවීමේ සිට අ ර ක්කු බො න තැන සිට නිවස දක්වා දුවන ගැ ටු මේ බරපතල කම තේරෙන්නේ වෙ රි හිදුන විටය.

මෙරට ජනාධිපතිවරයකු ම ත්ද්‍ර ව්‍ය නි වාරණ කාර්ය සාධන බළකායක් පිහිටු වූවත් උන්නාන්සේටවත් මෙරට නීත්‍ යනුකූල ම ත්පැන්ව ල ප්‍රමිතිය ගැන විමසන්නට මතක් වූයේ නැත. ඒ ආණ්ඩුවම ගැසට් පත්‍රයක් මගින් විදේශීය ම ත්පැ න්වලට පනවා තිබූ 11% ක වැට් බද්ද අඩු කරන ලදී. නමුත් ඔය කියන බළකාය පිටරටින් ගේන ම ත්පැ න්වල ඇත්තේ මොනවාදැයි සොයන්නට ගියේ නැත.
මේ සිංහල අවුරුද්දට වැඩිම සෙනඟ පෝලිම් තිබුණේ බා ර් ඉදිරිපිටය. මේ බෝ ත ල් ඇත්තේ කවර නම් සංඝටකදැයි කියන්නට මේ මොන වෙළෙන්දෙක්වත් දන්නේ නැත. එම නිසා මේ සිංහල අවුරුද්ද ‘ම තට ති ත’ තැබීමට පෙර සොයා බැලිය යුත්තේ ම ත්පැ න්වල ඇති ‘ව ස ට තිත’ තැබීමේ සැබෑ රාජ්‍ය යාන්ත්‍රණයක් විධිමත් ලෙස ආරම්භ කිරීමය.

වජිර ලියනගේ
ඉරිදා අරුණ පුවත්පතේ පලවූ ලිපියක් ඇසුරිනි

Next Post

ගැබිණි මවයි තව තුනකුයි රථයේ හප්පා රෝහලට ගොස් නැවතුනු ඇමති පුතා මෙන්න

Tue Apr 20 , 2021
වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ  පුතකු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැ.කපිට අත් අඩ0ගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මන්ත්‍රී පුතා පැදවූ මෝටර් රථය  ඊයේ රාත්‍රී 10.45 පමණ වැලිකඩ දී මෝටර් රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගැබිනි කාන්තාවක […]

Breaking News