අගමැතිතුමා අමාරුවේ දාන්න අපිට බෑ .විමල් – වාසු – උදය පක්ෂ නායක් රැස්වීමෙන් නැගිට යයි

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නැගිට ගොස් තිබේ.

අගමැතිවරයා වෙත ඔවුන් සඳහන් කර ඇත්තේ එම හමුව සඳහා පක්ෂ නායකයන් නොව පිරිසක් ද කැඳවා ඇති බවයි.

අගමැති මහනිද රාජපක්‍ෂ මහතාද තම නිලධාරීන් හරහා ඒ බව තහවුරු කරගත ඇත.

මෙම ඇමතිවරුන් පිරිස් අගමැතිවරයා දැනුම්දී ඇත්තේ අනවශ්‍ය තත්ත්වයක් ඇතිකර අග්‍රාමාත්‍යවරයා අපහසුවට පත් නොකර තමන් එම සාකච්ඡාවෙන් ඉවත් වන බවයි.

ඒ අනුව ඉදිරියේදී වෙනම අවස්ථාවක පක්ෂ නායක හමුවක් නැවත කැඳවන බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත.

උපුටාගැනීම – ලංකා සී නිව්ස්

Next Post

ගමන පිටත් වෙන්න පෙර බාදා රැසක් - තාත්තයි පුතයි යාලුවෝ වගේ හිටියේ

Mon Apr 19 , 2021
සිංහල – හින්දු අලුත් අවුරුද්දේ සිය මව හා ඥාතීන් දැකීමට බණ්ඩාරවෙල ප්‍රදේශයට ගිය එකම පවුලේ සිවු දෙනෙක් ගමන් විඩාව නිවා ගැනීමට විනෝදය සඳහා දිය පොදක පහස ලබා ගැනීමට යෑමේදී ඉන් දෙදෙනෙක් දිය රකුසාට බිලි වූ අති ශෝචනීය පුවතක් මහරගම ප්‍රදේශයෙන් වාර්තා වේ. මහරගම, පමුණුව, දෙල්ගහවත්ත පාර ප්‍රදේශවාසීන්ගේ ඇසට කදුළු උනමින් […]

Breaking News