විවාහක රෑ රැජිණ අවසන් තරඟකාරියන් සියල්ල එකතු වේ

ඉකුත්දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේ සංවිධාකයින් එහි තරඟකාරියන්ගේ විශ්වාසය කඩකළ බවට එහි තරඟ වැදුනු තරඟකාරියන් පවසනවා.

එහි අවසන් වටයට තේරුන තරඟකාරියන් පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළා.විවාහක රූ රැජිණ කිරුළ පෞද්ගලිකව එක් අයෙකුට ලැබුනත් ජාත්‍යන්තරයේදී එය එක් පුද්ගලයකුගේ නියෝජනයක් පමණක් නොව රටක නියෝජනයක් සිදුවන බැවින් සුදුසු තරඟකාරියක් ඒ සඳහා තෝරාපත් කරගතයුතු බව එම තරඟකාරියන් මෙහිදී අවධාරණය කළා.තරඟයේ මුල් වටයේදී ලබාදුන් උපදෙස් අවසන් වට වලට යාමේදී සංවිධායකයින් නොසලකා හරිය බවට මෙහිදී එම මහත්මීන් චෝදනා කරනු ලැබුවා.

එම තරඟය විනිශ්චය කිරීමට පැමිණි සිටි විදේශ විනිසුරු වරුන් තරඟය තුල සිදුවන දේ අවබෝධයක් නොතිබූ බව සඳහන් කළ ඔවුන් එම විවාහක රූ රැජිණ තරඟය අතර වාරයේ සිදු වූ අඩුපාඩු මෙන්ම ඔවුන්ට සිදු වූ අසාධාරණ කම් පිළිබඳව ද ඔවුන් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කරනු ලැබුවා.වීඩියෝව පහතින් නරඹන්න….

Next Post

ලංකාවට පැමිණි අවස්ථා දෙකේදීම තම පළමු මෝටර් රථය නරඹා සතුටු වුනා - සමුගත් පිලිප් කුමරුගේ කතාව

Sat Apr 17 , 2021
අද ලෝකයේ තාක්ෂණය කෙතරම් දියුණු වුවද බකිම්හැම් මාලිගය සන්නිවේදන කටයුතු කරන්නේ අවුරුදු 500කටත් වඩා පැරණි සම්ප්‍රදායන්ට අනුවය. රජ උපත්, රජ මඟුල්, ඔටුනු පැලඳීම, රාජ්‍ය අවමඟුල් සියල්ලම ලොවට හෙළි කරනු ලබන්නේ බකිම්හැම් මාලිගාවේ ගේට්ටුව උඩ අලවන පුංචි දැන්වීමකිනි.අපේ්්‍රල් 9දා දවල් 12ට බකිම්හැම් මාලිගාවේ ගේට්ටුවේ අලවන ලද පුංචි දැන්වීමේ මෙසේ සඳහන් විය. […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News