ලෝකයම රැවටුණු “බයිඩන් දණ ගහන් ඉන්න” ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න

ඇ.මරිකානු ජනාධිපති ජෝ බයි.ඩන්, අප්‍රිකානු සම්භවයක් ඇති කුඩා දරුවෙකු ඉදිරියේ දණ ගසා සිටින ඡායාරූපයක් ලෝකයේම කතාබහට පත් වෙලා තියෙනවා.”බ.යිඩන් ජෝර්ජ් ෆ්ලො.යිඩ් ගේ දරුවාගෙන් සමාව ඉල්ලයි”ඇමරිකානු රජය විසින් ජෝර්ජ් ෆ්ලො.යිඩ් ගේ පවුලට ඇමරිකානු ඩොලර් මිලියන 27 ක වන්දි මුදලක් ප්‍රදානය කරපු පුවතේ කැප්ශන් එකට මේ ෆොටෝ එක පැමිණීමත් සමඟම තමයි ආයෙත් මේක වයිරල් වුණේ.

ලොව පුරා සමාජ ජාලාවල මේ ෆොටෝ එක ශෙයා වුණේ එහෙමයි.ඉතින් බ.යිඩන් වෙනුවෙන් පිටු ගණන් ලියැවුණේ අසුරු සැණින්.අපේ රටේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙම මේ ෆොටෝ එක බයිඩන් ට උපහාරයක් වේවා කිය කිය හොඳට ශෙයා වුණා.

ඒත් දවස් කීපයකට කලින් මේ ෆොටෝ එක ගත්තු AFP පුවත් සේවයේ ඡායාරූප ශිල්පියා වන ජිම් වොට්සන් කියන්නේ වෙනම කතාවක්.

මේ ෆොටෝ එක අරන් තියෙන්නේ 2020 සැප්තැම්බර් 9 වෙනිදා. ඒ කියන්නේ ඇමරිකානු ජනාධිපතිවරණයටත් කලින්.මිචිගන් ප්‍රාන්තයේ ඩිට්‍රොයිට් නගරයේ පැවති මැතිවරණ රැලියකට සහභාගි වෙන්න ගිය බයි.

ඩන් කොවිඩ් වසංගතයෙන් බේරෙන්න මාස්ක් එකක් දාගෙන හිටපු කුඩා දරුවෙක් ඉස්සරහා දණ ගහලා ඒ ළමයත් එක්ක කතා කරන වෙලාවේ ගහපු ෆොටෝ එකක් තමයි මේ.

ඔය ෆොටෝ එක ගහපු තැන තියෙන Three Thirteen කියන ඇඳුම් කඩය අයිති කෙනාගේ පුතා වෙන C.J. Brown තමයි මේ ෆොටෝ එකේ ඉන්න ළමයා.

උපුටා ගත්තේ – විකුම් හර්ෂණගේ ෆේස්බුක් පිටුවෙන්

Next Post

ඔබ නොදැනුවත්ව ආහාරත් එක්ක කළු පුස් වගේ එන ඇෆ්ලටොක්සින් ගැනයි මේ....

Sat Apr 17 , 2021
ඇෆ්ලටොක්සින් මේ දවස්වල හැමෝගේම වාගේ උනන්දුව තියෙන්නේ මේ ඉංගී්‍රසි වචනයේ තේරුමට වඩා ඒ පිළිකා කාරකය මොකක්ද කියලා හොයන එක. ඒකට හේතු වුණේ අහඹු ලෙස අහුවුණු පිළිකා කාරක පොල්තෙල් බවුසර් දෙක හා ඊට සම්බන්ධ කතාව. මේ කතන්දරයේ උච්චතම අවස්ථාවට හැටියට අපට සඳහන් කරන්න වෙන්නේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරිය වූ ආචාර්ය සිද්ධිකා සේනාරත්න […]

Breaking News