සීමිත පිරිසක් සහභාගී වූ කාල්ටන් නිවසේ ජයටම අවුරුදු සමරපු හැටි ජායාරූප 25ක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ ඥාති පිරිසක් සහ අසල්වැසි හිතවතුන් පිරිසක් සමඟ හෙළ සිරිතට අනුව අද (14) උදෑසන කාල්ටන් නිවසේ දී සමරනු ලැබිය.

අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් කිරි ඉතිරවීමේ මංගල්‍යය සිදුවූයේ අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන්ය.

මේ අවස්ථාවට නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක් එකතු වූ අතර රබන් සුරල් වාදනයට ඔවුන් දෙදෙනාගේ බිරින්දෑවරු දෙනාද එක්‌ වූ අතර පසුව එයට අගමැති බිරිඳ ද එක්විය.

හින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නිල සමාජ ජාලා ගිණුමෙහි අවුරුදු සැමරීමෙන් පසු ඒ පිළිබඳව දන්වා සටහනක්ද තබා තිබෙනවා අපට දැකගන්න ලැබුණා. එම පණිවිඩ මෙසේ පලකල තිබුනා

අලුත් අවුරුදු උදාව සැමරීම, සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව පවුලේ ඥාති පිරිසක් සහ අසල්වැසි හිතවතුන් පිරිසක් සමඟ හෙළ සිරිතට අනුව අද (14) උදෑසන කාල්ටන් නිවසේ දී සැමරුවෙමි. අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් කිරි ඉතිරවීමේ මංගල්‍යය සිදුවූයේ මගේ දයාබර බිරිඳ ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් රබන් සුරල් හඬ මැද්දේ ය. අනතුරුව සුබ නැකතින් අලුත් අවුරුදු මේසයේ චාරිත්‍ර ද ඉටු කළෙමි. මේ අවස්ථාවට නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක් එකතු වූහ. අපේකමට මුල් තැන දෙමින් අපේ සම්ප්‍රදාය අනුව සිංහල අලුත් අවුරුදු ඉටු කිරීමට ලැබීම මහත් සතුටකි. ඔබ සැම ද දුවා දරුවන් සමඟ තම නිවස්වල අවුරුදු සිරිත් විරිත් ඉටුකර එම සතුට භුක්ති විඳින බව මගේ විශ්වාසයයි. ඔබ සැමට සතුට සාමය සපිරි නිදුක් නීරෝගී සුව පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ. 2021.04.14 කියලයි එහි සටහන් තබා තිබුනේ. ඒත් එක්කම තමයි මේ උදාවුණු සිංහල දමිල අලුත් අවුරුද්ද ලෝක වාසි සෑම දෙනාටම සාමය සතුට පිරි නිදුක් නිරෝගී දිර්ඝායුමත් නව වසරක් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

1#

2#

3#

4#

5#

6#

7#

8#

9#

10#

11#

12#

13#

14#

15#

16#

17#

18#

19#

20#

21#

22#

23#

24#

25#

Next Post

අලුත් අවුරුද්ද අහිමි වූ ගම්මානය - කරපු දේ ගැන ඇමතිට දොස්

Wed Apr 14 , 2021
වනඅලි තර්ජන හේතුවෙන් අලුත් අවුරුද්ද අහිමි වූ ගම්වැසියන් පිරිසක් පිළිබඳව අද (14) මහියංගනයෙන් වාර්තා වුණි.එලෙස අලුත් අවුරුදු දින වනඅලි ගැටලුවෙන් ගම්මානයක් පීඩා විඳින්නේ වනඅලි ගැටලුවට විසඳුම් ඉල්ලා ප්‍රදේශ දෙකක සත්‍යග්‍රහ පැවැත්වෙන පසුබිමකය.එවන් වාතාවරණයක මහියංගනය, දෙහිගොල්ල රඹුක්යාය ගම්මානයට ඊයේ (13) රාත්‍රියේ වනඅලියෙකු කඩා වැදී තිබුණි. එහිදී වනඅලියා සිදුකළ අලහභානිය නිසා නිවාස […]

Breaking News