වාහනය නුවර එකක් – අධිවේගයේ සෙල්ලම් දැමූ හතරක් සොයයි

මෝටර් රථයේ ජනේලය මත ඉඳගෙන සිරුර මෝටර් රථයෙන් පිටතට දමා අනතුරුදායක ලෙස අධිවේගී මාර්ගයේ ගමන් ගත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන අතර , ඒ අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

මෙම සිද්ධියෙන් මොවුන්ගේ ජීවිත අනතුරේ හෙළීමට අමතරව එම මාර්ගයේ ගමන් ගන්නා සෙසු පිරිසට ද අන්තරාවක් ගෙන දෙන කි‍්‍රයාවක් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

තරුණයන් සිව් දෙනකු විසින් මෙම කි‍්‍රයාව සිදුකර ඇත.

මෙම මෝටර් රථයේ අංකය අනුව පරීක්ෂා කිරීමේ දී මෙම මෝටර් රථය මහනුවර ප‍්‍රදේශයේ පුද්ගලයකුට අයත් බවට හෙළි කරගෙන ඇත.ජායාරූප පහතින් නරඹන්න










Next Post

උතුරෙන් ඉන්දියාවට පිහිනා නැවත ලංකාවට පැමිණ වාර්තා තියපු රොෂාන් උපන් දකුණට ගිය ගමනේ ජායාරූප

Sun Apr 11 , 2021
අපේ රණවිරු කොල්ලෝ කෙල්ලෝ කියන්නේ කවදත් නොයෙක් දේ වලින් දස්කම් පාන අය කියල අපි හැමෝම දන්නවනේ. ඔවුන්ගේ හිත හයියයි ඕනෑම දෙයක් දරාගැනීමේ ශක්තිය ඔවුනට තියනවා. ඉතින් ඒ වගේම තමා ඕනෙම දෙයක් කරන්න ගියත් කවදාවත් පස්ස ගහන්නේ නැති වීරයෝ තමයි අපේ රටේ ඉන්න රණවිරුවන්. ඔවුන් ඉතාමත් දක්ෂ ලෙස අභියෝග වලට මුහුණ […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News