රටවල් 67 ක තානාපති කාර්යාල සේවයට අයදුම්පත් – විස්තර මෙන්න

ශ්‍රී ලංකා විදේශ සේවයට සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40දෙනෙකු එම සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත තරඟකාරී බඳවා ගැනීමේ විභාගයක් මගින් සෑම වසර කිහිපයකට වරක් විදේශ සේවය සඳහා සාමාජිකයින් තෝරාගනු ලැබේ.

ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා නිලධාරීන් පත් කිරීමේ අධිකාරිය වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සකස් කරන ලද නීIතිරීති හා රෙගුලාසිවලට අනුව එම තෝරා ගැනීම් සිදු කෙරේ.

සේවයට බැඳීම සඳහා තෝරාගන්නා ලද සාර්ථක අයදුම්කරුවන් හට විදේශ අමාත්‍යාංශයේ සේවය කිරීමට අවස්ථාව ලැබෙන අතර, විදේශ ශ්‍රී ලංකා දූත මණ්ඩල 67ක දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරප්‍රසාදය ඔවුන්ට හිමි වේ.

ඊට අදාළ වැඩිදුර තොරතුරු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ අප්‍රේල් මස 09 දින ගැසට් පත්‍රයේ ඔස්සේ පිවිස ලබාගත හැකි බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

Next Post

වාහනය නුවර එකක් - අධිවේගයේ සෙල්ලම් දැමූ හතරක් සොයයි

Sun Apr 11 , 2021
මෝටර් රථයේ ජනේලය මත ඉඳගෙන සිරුර මෝටර් රථයෙන් පිටතට දමා අනතුරුදායක ලෙස අධිවේගී මාර්ගයේ ගමන් ගත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙම සිද්ධිය සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන අතර , ඒ අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති […]

Breaking News