ඉන්දියාවට පිහිනයි – යළි ලංකාවට පිහිනයි – එයාර්ෆෝස් රොෂාන්ගෙන් වාර්තාව

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූර නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා අද (අප්‍රේල් 11) නව ආසියානු වාර්තාවක් තබමින් සිය අභියෝගය අවසන් කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා අද උදෑසන යළි ඌරුතොට ජැටිය දක්වා පැය 28යි විනාඩි 19යි තප්පර 43කින් පැමිණ නව ආසියානු වාර්තාවක් පිහිට වූ බවට ගුවන් හමුදාව පැවසූ බවය.

රොෂාන් අබේසුන්දර මහතා ඊයේ (අප්‍රේල් 10) අළුයම 2.00ට ඌරුතොට ජැටියෙන් ධනුෂ්කෝඩි දක්වා පිහිනීම ආරම්භ කර ඇති අතර අද උදෑසන වන විට ඔහු අනුමාන කළ කාලයටත් වඩා පෙරාතුව නැවත ඌරුතොට ජැටියට පැමිණ නව වාර්තාවක් තබා ඇත.තලෙයිමන්නාරම, ඌරුතොට ජැටියේ සිට ධනුෂ්කෝඩි දක්වා ඇති දුර කිලෝමීටර් 59යි මීටර් 300කි.

මීට පෙර එම දුර ප්‍රමාණය ප්‍රමාණය පැය 51ක කාලයකින් ඉන්දියාවේ ආනන්දන්කුමාර් නමැති පුද්ගලයෙකු පිහිනා ආසියානු වාර්තාවක් තබා තිබී ඇති අතර එම කාලය පැය 35කින් අවසන් කර නව ආසියාතික වාර්තාවක් තැබීමට ගුවන් හමුදා සෙබල රොෂාන් අබේසුන්දරගේ ඉලක්කය වී තිබී ඇත.

වීඩියෝව පහතින් නරඹන්න



Next Post

රටවල් 67 ක තානාපති කාර්යාල සේවයට අයදුම්පත් - විස්තර මෙන්න

Sun Apr 11 , 2021
ශ්‍රී ලංකා විදේශ සේවයට සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40දෙනෙකු එම සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත තරඟකාරී බඳවා ගැනීමේ විභාගයක් මගින් සෑම වසර කිහිපයකට වරක් විදේශ සේවය සඳහා සාමාජිකයින් තෝරාගනු ලැබේ. ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා නිලධාරීන් පත් […]

Breaking News