“ඇෆ්ලටොක්සීන්” නැමැති පිළිකා කාරකය අඩංගු තවත් පොල්තෙල් තොගයක් අදත් හමුවෙයි

ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් ආනයනය කළේ යැයි චෝදනා එල්ල වී තිබෙන ප්‍රසිද්ධ පෞද්ගලික ආනයනික සමගමකින් ආනයනය කළ තවත් පොල්තෙල් තොගයක, ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු බවට තත්ත්ව පරීක්ෂාවෙන් සනාථ වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති අයතනය උසස් නිලධාරියකු අද (10) පැවැසීය.

එම සමාගමට අයත් පොල්තෙල් තොගය කින් ලබාගත් සාම්පල් දෙකක ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට වාර්තාවක් මගින් දැනුම්දුන් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරක අඩංගු පොල්තෙල් ආනයනය කරන බවට පළමුවෙන්ම චෝදනා එල්ල වූයේ ද මෙම සමාගමටය.

වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති පොල්තෙල් සම්බන්ධයෙන් සිදු කළ නියැදි 109ක ඇෆලටොක්සීන් විෂ රසායනිකය නොමැති බවට තහවුරු වී බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති පොල්තෙල් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබුණි.දිස්ත්‍රික්ක 25ම ආවරණයවන පරිදි සාම්පල ලබා ගෙන එම සාම්පල පරීක්ෂණ සඳහා පොල් පර්යේෂණ අංශය වෙත යොමු කර තිබේ.

Next Post

දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල පන්සලේ මඩමක දරුවෙක් හදපු යෝධ ලී ඔරලෝසුව

Sat Apr 10 , 2021
ඒ මීට අවුරුදු 95කට පෙර 1926 වසරයි.වැව්රුකන්නල බුදුරජ වෙහෙරේ බජ්ජම සිරි සද්ධාතිස්ස නාහිමියෝ කොළඹ බලා වැඩම කරන අතරතුර අතරමඟදී හමුවුණු මග්ගොන විහාරස්ථානයකට රැය පහන් කිරීම සඳහා වැඩියහ. රාත්‍රියේ විටින් විට ඇසෙන ඝණ්ටාර හඬක් හොඳින් අසා සිටි එහිමියෝ ඒ කුමක්දැයි මග්ගොන පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇසූහ.ඔය හඬ ඇහෙන්නේ මේ ළඟ තියෙන ළමා මඩමේ […]

Breaking News